කුජීතයි… කඩුළු 10කින්ම පරාදයි… ඔස්ට්‍රේලියා – ශ්‍රී ලංකා පළමු විස්සයි 20 රටට ක්‍රිකට් එපා කරයි!

“ප්‍රෙෂර් එක රිලීස් කරගෙන මයින්ඩ් සෙට් එක හදාගන්නට“ පැය ගණන් පෝලිම්වල ලැගගෙන සිට පෙට්‍රල් ගහගෙන අතේ තියන තුට්ටුවත් වියදම් කරන් ගිය අසරණයින්ට අබ සරණය.

අබුදස්ස කාලයක් එන විට ක්‍රිකට්වලින්වත් හිත හදාගන්නට බැරි බව ලෝක ධර්මතාවය අපට කියා දුන්නේය. ළදරු පාසලක පුංචි උන් සමග සෙල්ලම් කරනු විලාසයෙන් අපේ ජාතික කණ්ඩායම සමග ඔස්ට්‍රේලියානුවෝ  සෙල්ලම් කළහ. බලාගෙන සිටි ප්‍රේක්ෂකයන් පිටවී ගියේ  සල්ලිත් දී  නැති පීඩනයක් අරන් එන්නටය.

අද (07)කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ශ්‍රී ලංකා ඔස්ට්‍රේලියා පළමු විස්සයි 20 තරගය පැවැත්විනි. තරගය ආරම්භ වූයේ සවස 7ට යට.

රාත්‍රී 9ට පෙර  ශ්‍රී ලංකාව ලකුණු 127කට දැවී ගියහ. කණ්ඩායම ඕවර 20 ක්‍රීඩා කළේ නැත. ඕවර 19.3ක දී සියලු දෙනාම දැවී ගියහ.  ඔස්ට්‍රේලියාවට ලකුනු 128ක ඉලක්කයක් හිමිවී තිබිණි.


ඔස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 128 ඉලක්කය ලබා ගන්නේ එකම කඩුල්ලක්වත් නොදැවීය. පන්දු ඕවර 14ක දීය. තරගය අවසන් කරන විට ලකුණු 134ක් ඔස්ට්‍රේලියානු ඉනිමේ සටහන් විය.  ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්  බලාගෙන හිටියේ හොඳටම ගුටි කන පන්දු යවන්නන් දෙසය.

ආරම්භක පිතිකරුවන් වූ  ඩේවිඩ් වොර්නර් සහ නායක ආරොන් ෆින්ච් දෙපලම අර්ධ ශතක ලැබූහ. ෆින්ච් පන්දු 40ක දී ලකුණු 61 ක් රැස් කළේය. ඊට හයේ පහර 04ක් සහ හතරේ පහර 4ක් ඇතුළත් විය. ඔහු තරගය නිමා කළේ   හයේ පහරකිනි.  ඩේවිඩ් වෝනර් ලකුණු 70ක් රැස් කළේය. පන්දු 44ක් පමණක් ඊට වැය කළේය. හතරේ පහර 09ක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය.

කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රෙලියානුවෝ පන්දු යැවීම තේරූහ. එහි ඉතාම යහපත් ප්‍රතිඵල ඔවුහු නෙලා ගත්හ

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 36 ක්, චරිත් අසලංක ලකුණු 38 ක්, දනුෂ්ක ගුණතිලක ලකුණු 26 ක් හා වනිඳු හසරංග ලකුණු 17 ක් ලබා ගත්හ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකා පිල පළමු පන්දු ඕවර 10 තුලදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 79ක් ලබා ගෙන ප්‍රබල ස්ථානයක පසුවුවත් ඕස්ට්‍රේලියානු පිලේ වේග පන්දු යවන්නෝ   ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතිරි කඩුළු 09 ඕවර් 9.3ක් තුලදී ලකුණු 49ක්ට දවා ගත්හ.   මිෂෙල් ස්ටාක් කඩුලු 03ක් ද ජොෂ් හසල්වුඩ් කඩුළු 04ක් දවා ගත්හ.

Exit mobile version