කුකුළු පැටවුන්ගෙන් ගැහිල්ලටත්  වැඩ තහනමට ලක් වුන  පශු වෛද්‍ය පර්යේෂණ ආයතනයේ  නිලධාරිනිය සම්බන්ධයි?

කුකුළු පැටව් අලෙවියේ දී  ඇති වූයේ යැයි කියන මුල්‍ය අක්‍රමිකතා හේතුවෙන් මුදල් අයකරගැනීමේ ඍජු ගනුදෙනු  ඉවත් කර තිබෙන,   ගන්නෝරුව පශු වෛද්‍ය පර්යේෂණ ආයතනය යටතේ ඇති කරඳගොල්ල මධ්‍යම කුකුළු පර්යේෂණ මධ්‍යස්ථානය සම්බන්ධ මුදල් අයකැමිවරිය ලෙස කටයුතු කර ඇත්තේත් කොටි එක හමාරක මුදලක් වංචා කළ බවට චෝදනා ලැබ දැනට සේවය අත්හිටුවා ඇති පශු වෛද්‍ය ආතනයේ  මුදල් අයකැමි කාන්තවම බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.  

කුකුළු පැටව් අළෙවි කිරීමේ දී  සිදුවූ බව කියන  මූල්‍ය අක්‍රමිකතා චෝදනා  මත පසුගිය මාර්තු මාසයේ දී කුකුළු පැටව් නිකුත් කිරීමට අදාළ ගෙවීම් කටයුතු එම ස්ථානයෙන් ඉවත් කර පශු වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත ලබාගෙන තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පසුගියදා පශු වෛද්‍ය පර්යේෂණායතනයට ගිය අවස්ථාවේ දී නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ     මෙම මූල්‍ය වංචාවට ආයතනයේ තවත් පිරිසක් සම්බන්ධ ද යන්න පිළිබඳව සැක මතුවන බැවින් ඒ සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙසය.

 

Exit mobile version