කුකුළන් 8200ක් පණ පිටින් දැවුණු කොටදෙනියාවේ ගින්න..

කීර්ති ප්‍රනාන්දු –

කොටදෙනියාව   වරාගල ප්‍රදේශයේ පිහිටි සීඅයිසී සමාගමට අයත් කුකුළු අභිජනන ගොවිපලක අද දහවල් හටගත් ගින්නකින් එම ගොවිපල සම්පූර්ණයෙන් විනාශ වී අභිජනන මධ්‍යස්ථානය තුළ සිටි සතුන් 8200ක් පිලිස්සී මියගොස්  ඇතැයි කොටදෙණියාව පොලිසිය පවසයි.

ගින්නට පිලිස්සීමෙන් මිය ගිය මෙම සතුන් අතර වැඩිම සතුන් සංඛ්‍යාවක් පැටවුන් බෝ කිරීම සඳහා සිටි   ගැහැණු සහ පිරිමි මව් සතුන් බවද පොලිසිය කියයි.

ගින්න හේතුවෙන් එම ගොවිපල පිහිටි අඩි හාරසියයක් පමණ දිගින් යුත්   ගොඩනැගිලි දෙකක් ද විනාශ වී ඇතැයි වාර්තා වේ.


ගින්න හට ගත් වහාම ක්‍රියාත්මක වූ පොලිසිය මීගමුව සහ ගම්පහ ගිනි නිවන ඒකක කැඳවා ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කරගත් බව පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම ගින්න හට ගැනීම විදුලි කාන්දුවකින් වන්නට ඇතැයි සැක කරන බවත් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලිසිය කියයි.

 

Exit mobile version