කිළිනොච්චිය අධිකරණයේ නඩුබඩු ගබඩාවෙන් කේරළ ගංජා කිලෝ 120 ක් අතුරුදහන් වීමේ සිද්ධිය නිසා ප්‍රධාන නිලධාරීන් තුනකගේ විදෙස් ගමන් තහනම් වෙයි

කිළිනොච්චිය අධිකරණයේ නඩුබඩු ගබඩාවෙන් කේරළ ගංජා කිලෝ 120 ක් අතුරුදහන් වීමේ සිද්ධිය නිසා ප්‍රධාන නිලධාරීන් තුනකගේ විදෙස් ගමන් තහනම් වෙයි

දිනසේන රතුගමගේ

කිළිනොච්චිය අධිකරණයේ නඩුබඩු ගබඩාවෙන් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 120 ක් අතුරු දහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම ගබඩාවේ ප්‍රධාන නිලධාරීන් තුන්දෙනෙකුගේ විදේශ ගමන් 8 දා කිළිනොච්චිය මහෙස්ත්‍රාත්වරයා විසින් තහනම් කොට තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන විශේෂ පොලිස් කණ්ඩායම විසින් අධිකරණයෙන් කරණ ලද ඉල්ලීම සලකා බලා කිළිනොච්චිය මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය පනවා ඇත්තේ ඔහුගේ නිලනිවාසයට ගොස් පොලීසිය ඉදිරිපත් කළ වාර්තාවක් සැලකිල්ලට ගනිමිනි. මීට මාස දෙකකට ඉහතදී කිළිනොච්චිය අධිකරණ සංකිර්ණයේ පිහිටි නඩුබඩු ගබඩා වේ අගුල් කඩා දමා ඇති බව නිරීක්ෂණය වීමෙන් පසුව රෙජිස්ට්‍රාර්වරයා මේ සම්බන්ධයෙන් කිළිනොච්චිය පොලීසියට පැමිණිලි කොට තිබුණි.


පොලීසිය හා අධිකරණ නිලධාරීන් එක්ව සිදු කළ සෝදීසියේ දී ගබඩාවේ තිබූ කේරළ ගංජා කිලෝ ග්‍රෑ ම් 120 ක් අඩංගු ගෝනි හතරක් අස්ථාන ගත වී ඇති බව දක්නට ලැබීමෙන් පසුව
පොලීසිය එම ගබඩාවේ සේවය කරණ ප්‍රධාන නිලධාරීන් තුන් දෙනාගෙන් ප්‍රකාශ ලබාගෙන ඔවුන් නිදහස් කොට තිබේ.

මේ සම්බන්ධයෙන් තව දුරටත් සිදු කෙරෙන පරීක්ෂණ වලදී එම නිලධාරීන් තුන්දෙනා සම්බන්ධයෙන් ඇති වී තිබෙන සැකයක් මත ඔවුන්ට විදේශ ගත වීමට නොහැකි වන අන්දමට
ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිළිනොච්චිය පොලීසියේ විශේෂ කණ්ඩායමක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරගෙන යයි.

Exit mobile version