කිළිනොච්චියේ මවක් දරු තිදෙනාත් සමග ළිඳකට පැනලා… දරු තිදෙනා මරුට….

දිනසේන රතුගමගේ – කිර්ති ප්‍රනාන්දු –

කිළිනොච්චියේ වට්ටකච්චි ප්‍රදේශයේ මවක් 3 දා සවස සිය දරුවන් තුන් දෙනා සමග ළිදකට පැනිම නිසා දරුවන් තුන් දෙනා මිය ගොස් තිබේ.

පවුල් ආරවුලක් මත කිළිනොච්චියේ වට්ටකච්චි මානික්කපිල්ලයාර් කෝවිල අසල ළිදකට පනින ලද කාන්තාව නාවික හමුදාව හා ප්‍රදේශවාසීන් විසින් බේරා ගෙන කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.

කාන්තාව දරුවන් තුන් දෙනා සමග ළිදට පනින ශබ්දය ඇසී ප්‍රදේශවාසීන් කෑකෝ ගසා ඇති අතර ඒ අවස්ථාවේම ළිදට බසින ලද පිරිසක් කාන්තාව හා එක් දරුවකු බේරාගෙන රෝහල ගත කොට ඇතත් වයස අවුරුදු දෙකක එම දරුවා රෝහලේදී මියගොස් තිබේ.


අනෙක් දරුවන් දෙදෙනා බේරා ගැනීමට ගත් සියලු උත්සාහයන් අසාර්ථක වී ඇති අතර පොලීසිය නාවික හමුදාව යුද හමුදාව හා ප්‍රදේශවාසින් විසින් එක්ව එම දරුවන් දෙදෙනාගේ මළ සිරුරු ළිද තුලින් සොයා ගෙන ඇත්තේ රාත්‍රී කාලයේය.

මෙසේ මියගොස් ඇත්තේ එස්.කාර්තිකා (8),එස්.ආත්සයා (5) හා නෙරන්ජන් (2)  යන දරුවන් තුන්දෙනාය.මව අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව කිළිනොච්චිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිළිනොච්චිය පොලීසිය හා ධර්මපුරම් පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

 

Exit mobile version