කිළිනොච්චියේ කාන්තාව වැවට දමා ඇත්තේ ඝාතනය කරලා…

කිළිනොච්චි පොලිසිය පරීක්ෂණ ආරම්භ කරයි...

දිනසේන රතුගමගේ –

කිළිනොච්චිය අම්බාල්කුලම වැවේ තිබී හමු වූ කාන්තා මළ සිරුර වැවට දමා ඇත්තේ ඝාතනය කිරීමෙන් පසුව බවට ඊයේ (10) දා කිළිනොච්චිය රෝහලේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී නිගමනය කොට තිබේ.

ඒ අනුව සිද්ධියට සම්බන්ධ සැකකරුවන්  අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරණ ලෙසටද කිළිනොච්චිය මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කොට තිබේ.

කිළිනොච්චියේ අම්බාල්කුලම වැවේ මසුන් මැරීමට ගිය ධීවරයින් පිරිසක් වැව් ඉස්මත්තේ තිබී කාන්තා අත් බෑගයක් හා සෙරෙප්පු යුගලයක් සොයා ගැනීමෙන් පසුව ඒ පිළිබඳව කළ සොයා බැලීමකදී වැවේ තිබී  කාන්තා මළ සිරුරක් හමු වී තිබේ.


මියගිය කාන්තාවගේ මළ සිරුර ගොඩ ගත් පොලීසිය ඒ පිළිබදව කළ පරීක්ෂණ වලදී හෙළි වී තිබුණේ මියගොස් ඇත්තේ කමලරාජ් තිලකවතී නැමති 37 හැවිරිදි කාන්තාවක් බවයි.

ඇයගේ සැමියා ඇය අත්හැරීමෙන් පසුව වසර තුනක දරුවකු සමග ඇය කිළිනොච්චියේ කුළී නිවසක ජීවත්ව සිටියදී ඇයව ඝාතනය කොට ඇගේ මළ සිරුර වැවට දමා ඇති බවට තොරතුරු හෙළි වී තිබේ. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිළිනොච්චිය පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version