කිසිම චීන නෞකාවක් ලංකාවේ කිසිම වරායකට ඇතුළුවන බව දන්වා නෑ – හම්බන්තොට වරාය පාලක

චීන නෞකාවක් හම්බන්තොටට නොව,   මෙරට කිසිම වරායකට ඇතුළු වීම සඳහා මේ දක්වා කිසිදු ඉල්ලීමක් සිදු කර නොමැති බව  හම්බන්තොට වරාය පාලක  (හාබර් මාස්ටර්) මාධ්‍ය කළ විමසීකමදී  පැහැදිලි කර තිබේ.  

හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු චීනය විසින් සිදු කළ ද වරායට නෞකාවක් ඇතුළු කිරීමේදී ඊට තමාගෙන්  අදාළ අවසරය ලබාගත යුතුබව ඔහු පෙන්වා දී ඇත.

යුවාන් වැන්ග්-5  චීන නෞකාව ගැන අධි බරක් සහිතව ඉන්දියානු මාධ්‍ය දිගින් දිගටම වාර්තා කිරීම නිසා නෞකාව සම්බන්ධව ලෝක  අවධානයට ලක් වී තිබුණේය.

මෙම නෞකාව හම්බන්තොට වරායට පැමිණීම සම්බන්ධව චීනය ශ්‍රී ලංකාවේ විධායකය වෙත ඍජුවම සිය දැඩි අප්‍රසාදය පල කර තිබිණි.  පසුගිය මස 12 වැනිදා  මෙම නෞකාවට අද(11) දිනයේ දී හම්බන්තොට වරයාට පිවිසීම සඳහා ලංකා රජයේ නිල අවසරය ලැබුනේය.


එම අවසරයත් සමග නෞකාව ගැන දැඩි මතයක් පල කළ ඉන්දියාව යුවාන් වැන්ග් -5 නෞකාව පර්යේෂණ නෞකාවක් ලෙස හැඳින්වුවත් අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල සහ චන්ද්‍රිකා ස්ථානගත කිරීම් නිරීක්ෂණය කිරීමට හැකියාව තිබීම හේතුවෙන් ස්වකීය ආරක්ෂාවට තර්ජනයක් එල්ල වනු ඇතැයි යන ස්ථාවරයට පැමිණ සිටියේය.

ඉන්දියාවෙන් එල්ලව පීඩනය නිසා   රජය    චීනයට දැනුම් දී තිබුණේ මෙම නෞකාවේ හම්බන්තොටට පැමිණීම ප්‍රමාද කරන ලෙසය.

එහෙත් පෙරේදා (09) ඉන්දියානු NDTV පුවත්සේවය වාර්තා කර තිබුණේ  ශ්‍රී ලංකාවේ ඉල්ලීම නොසලකා නෞකාව ශ්‍රී ලංකාව දෙසට ගමන් කරමින් සිටින බවය. අද උදේ 9.30 වනවිට නෞකාව හම්බන්තොට වරයාට ඇතුළුවන බවද එම වාර්තාවේ සඳහන් වී තිබිණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොට වරායට ඇතුළුවීමට ඉල්ලීමක් කළහොත් රාජ්‍යතාන්ත්‍රිකව ඊට අදාළ  කටයුතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව වරාය පාලකවරයා ප්‍රකාශ කර තිබිණි.

Exit mobile version