කිලිනොච්චි උරුතිරපුරම් පුරාවිද්‍යා කැණීමට එරෙහිව ටී.එන්.ඒ. මන්ත්‍රීවරු විරෝධතාවයක… 

දිනසේන රතුගමගේ –

කිළිනොච්චියේ උරුතිරපුරම් ප්‍රදේශයේ 23 දා සිට පුරා විද්‍යා කැණීම් සිදු කරණ ස්ථානය හින්දු කෝවිලක් නිසා දෙමළ ජනතාව මෙම කැණීම් සම්බන්ධයෙන් විරෝධය පල කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු  ඊයේ (21) දා  ප්‍රකාශ කොට තිබේ.

කැණීම්  සිදුකිරීමට නියමිත ස්ථානයට පැමිණි දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් යන දෙදෙනා අතුලු එම පක්ෂයේ පිරිසක් විශේෂ සාකච්ඡාවක් පවත්වා කිළිනොච්චිය පළාතේ ජනතාවට දැනුම් දී ඇත්තේ හින්දු ජනතාව වැදුම් පිදුම් කරණ ස්ථානයක් පුරාවිද්‍යාවට අත්පත් කර ගැනීම සඳහා රජය කටයුතු කරණ නිසා ජනතාව ඊට විරුද්ධ විය යිතු බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිළිනොච්චිය උරුතිරපුරම් හින්දු කෝවිලේ ප්‍රධාන පූජකවරයාද කිළිනොච්චිය හින්දු සංගමයේ නිලධාරීන්ද මේ සාකච්ඡාවට සහභාගී වී තිබේ.


Exit mobile version