කිරිපිටි ආනයනය කරුවෝත් මිල වැඩිවීමක් ඉල්ලති…

ග්‍රෑම් 400 රුපියල් 520 දක්වාත්, කිලෝ එක රුපියල් 1295 දක්වාත් වැඩි කළ යුතුයි... ආනයනකරුවෝ කියති

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කිරිපිටි ආනයනය කරන්නන් සම්පූර්ණ යොදය සහිත කිරි පිටි මිල වැඩි කිරීම සදහාවන අවසරය පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබේ.

එහිදී ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 140කින් වැඩි කිරීමටත් කිලෝ එකක කිරි පැකට්ටුවක් රුපියල් 350කින් වැඩි කිරීමටත් අවසරය ඉල්ලා ඇත.

යම් හෙයකින් මෙසේ කිරිපිටි මිල වැඩිවීමක් සිදු වුවහොත් ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 520ක් හා කිලෝ එකේ කිරි පැකට්ටුවක් 1295 දක්වා මිල ඉහළ යනු ඇතැයි වාර්තා වේ.

Exit mobile version