කිඹුලෙක් බරපතල රිය අනතුරක… ප්‍රතිකාර කර ජලාශයකට මුදා හැරේ…

අනතුරට පත් කිඹුලා

දිනසේන රතුගමගේ –

ප්‍රතිකාර සඳහා පැමිණි වනජීවී කණ්ඩායම

ඒ-9 මාර්ගයේ යාපනයේ අලිමංකඩ ප්‍රදේශයේදී වාහනයකට හසු වීමෙන් බරපතල ලෙස තුවාල ලබා සිටි අඩි හතක් පමණ දිග  ඇලි කිඹුලෙක් වන ජීවී නිලධාරීන් විසින් රැගෙන ගොස් ප්‍රතිකාර කොට ඊයේ 12 දා ජලාශයකට මුදා හැර තිබේ.

මෙම කිඹුලා ජලය සොයමින් යන අතරවාරයේ පාර මාරුවන අවස්ථාවක වාහනයක ගැටී උගේ හිස කොටසට බරපතල ලෙස තුවාල සිදුව තිබූ බව වන ජීවී නිලධාරීන් ප්‍රකාශ කළහ.

ප්‍රතිකාර ලද කිඹුලා ජලාශයට මුදා හැර තිබිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජලාශයට මුදාහල අවස්ථාව

Exit mobile version