යළි යළිත් කෑම ඉල්ලා සිටිම හේතුවෙන් කෝපයට පත් 21 හැවිරිදි මවක් සිය වසය අවුරුදු එක හමාරක සිඟිති දියණියට එල්ල කළ පහරක් හේතුවෙන් එම දියණිය මිය ගොස් තිබේ.
ගලහ කස්තුරු වත්තේ පදිංචි මේ 21 හැවිරිදි මව ගලහා පොලිසිය විසින් ඊයේ (24) පස්වරුවේ අත් අඩංගුවට ගෙන ඇත.
මියගොස් ඇත්තේ නිකුම් සෙහන්සා නැමැති දරුවෙක් බව පොලීසිය පවසයි.
කෑම ඉල්ලා කරදර කළ අවස්ථාවේ සිදුකළ පහරදීමකින් පසු දරුවා සිහිසුන්ව ඇද වැටුණු බව කියමින් මව විසින් දරුවා ගලහ රෝහලට ඇතුළත් කර ඇත.
එම අවස්ථාවේ වෛද්‍යවරු සිදුකළ ප්‍රශ්න කිරීමේ දී ඇය පවසා ඇත්තේ එක් වරක් ආහාර ලබා දීමෙන් පසු දියණිය යළිත් වරක් කෑම ඉල්ලා කරදර කළ අවස්ථාවේ දරුවා තල්ලු කළ බවය.
මේ අවස්ථාවේ දී දරුවා ගේ හිස බිත්තියේ ගැටෙන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට යොමුකර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ගලහ පොලීසිය පරීක්ෂණ පවත්වයි.







