කැළණිය සරසවිය ඉදිරිපිට විරෝධතාවයක්… ආරක්ෂක අංශ නුවර පාර වසා දමයි….

අත්අඩංගුවට ගෙන ඇති කැළණිය විශ්වවිද්‍යාලයේ  මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැලුම් මුදන්නායක සහ දිල්ෂාන් හර්ෂණ  නිදහස් කරන ලෙසත්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කරන ලද විරෝධතා පා ගමනට කප්‍රහාරයක් එල්ල කිරීමට එරෙහිවත් කැළණි සරසවි ශිෂ්‍යයින්   විරෝධතාවයක් ආරම්භ කිරීමට සැරසීමත් සමග ආරක්ෂක අංශ කැලණිය සරසවිය ඉදිරිපිට නුවර පාර වසා දමා ඇත.

සිය ගණනක් කැරළි මර්ධන පොලිස් කණ්ඩායම් ජල බවුසර් සමග සූදානමින්  කර තිබේ.

කැලණිය සරසවිය ඉදිරිපිට ආරම්භ කර ඇති මෙම විරෝධාතවයට මේ වනවිට සිය ගණනක් සිසුන් සරසවි භූමියේ සිට විරෝධතා පා ගමනිකින් පැමිණෙමින්  සිටිති. පන්දම් සහිතව ඔවුහු සටන් පාඨ කියමින් නුවර පාර දෙසට ගමන් කරති.

මෙම සිසුන් පවසන්නේ ආණ්ඩුවේ බොරු පැමිණිලි මත අත්අඩංගුවට ගත් ශිෂ්‍ය නායකයින් නිදහස් කරන ලෙසය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version