කැලණි රජමහා විහාරය දින නියමයක් නැතිව බැතිමතුන්ට වැසේ

කැලණි රජමහා විහාරය දින නියමක් නොමැතිව බැතිමතුන්ට වසා දමා තිබේ.

විහාරවාසී ස්වාමීන්වහන්සේලාට කිසිම කොවිඩ් උවදුරක් නැතත් අවට ගම්මානවල වේගයෙන් කොවිඩ් ආසාදිතයින් පැතිරෙන බැවින් සෞඛ්‍යාරක්ෂිත පිළිවෙත් මත පිහිටා ඊයේ (16) සිට මෙම තීන්දුව ගත් බව කැළණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ පැවසූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගිහි සහභාගීත්වයකින් තොරව සුපුරුදු වතාවත් පිළිවෙත අඛණ්ඩව පවත්වාගෙන යන බවත් උන්වහන්සේ කීහ.


Exit mobile version