කැලණිගඟ ආශ්‍රිත පරිසරය වනසන කර්මාන්ත ශාලා 17ක්…

කෝප් කමිටුව කියයි...

කීර්ති ප්‍රනාන්දු –

බස්නාහිර පළාතේ කැලණි ගඟ ආශ්‍රිතව පරිසර අවදානම් කර්මාන්ත ශාලා 17ක් ඇති බව වාර්තා වේ.

ගංගාව දූෂණය පිළිබඳව සොයන විගණන වාර්තාවේ මේ බව දැක්වෙන බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.

කැලණිගඟ ආශ්‍රිතව කර්මාන්ත ශාලා 294ක් බස්නාහිර පළාත තුළ පවතී. එයින් ඒ ඛාණ්ඩයේ කර්මාන්තශාලා 41කි. ඒවා පරිසර ආරක්ෂණ බලපත්‍ර නොමැතිව පවත්වාගෙන යන බව හෙළි වී ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට සමස්ථයක් ලෙස පරිසරය දූෂණය කරන කර්මාන්තශාලා 205ක බලපත්‍ර අත්හිටුවා ඇතැයි කොප් කමිටු වාර්තාව දක්වා ඇත.

Exit mobile version