සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැරම්බෝඩ් ප්‍රසම්පාදන සිද්ධියේ තවත් නඩුවකට අදාලව මහින්දානන්දට සහ නලීන් ප්‍රනාන්දුට අධි චෝදනා භාර දෙයි!

by editor
ජූලි 21, 2025
in පුවත්
Mahindananda Aluthgamage Sentence Appeal Supreme Cour
Share on FacebookShare on Twitter

මේ වනවිට වසර 20 සහ 25 බැගින් සිර දඬුවම් විඳින හිටපු අමාත්‍යවරුන්වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලීන් ප්‍රනාන්දු දණ්ඩනයට ලක් වූ කුප්‍රකට කැරම්බෝඩ් නඩුවට අදාල මහජන මුදල් අවභාවිතා කිරීම සම්බන්ධව තවත් නඩුවකට අදාලව මහින්දානන්දටත්, නලීන්ටත් ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චිටත් එරෙහිව කොළඹ මහාධිකරණය අද (21) අධිචෝදනා භාර දුන්නේය.

2014 ජනාධිපතිවරණ සමයේදී රජය විසින් පවත්වාගෙන යනු ලබන සතොස හරහා කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් බෝඩ් 14,000 ක් ආනයනය කර දේශපාලන වාසි තකා ක්‍රීඩා සමාජවලට බෙදා දුන් බවට චෝදනා එල්ල වී ඇති මතභේදාත්මක ප්‍රසම්පාදනයට මෙම චෝදනාත් අදාළ වේ.

නීතිපති දෙපාර්තමේන්තුවට අනුව මෙම චෝදනාවට අදාලව 2014 සැප්තැම්බර් 1 සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ විත්තිකරුවන් රුපියල් මිලියන 3.9කට වඩා අයථා ලෙස පරිහරණය කර ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

ඔවුන්වෙත පොදු දේපළ පනත යටතේ අධිචෝදනා ගොනු කර ඇති අතර, නඩුව සැප්තැම්බර් 4 වන දින කැඳවීමට නියමිතය. නඩු විභාගය අතරතුර සාක්ෂිකරුවන් 42 දෙනෙකු සහ සාක්ෂි අයිතම 11 ක් ඉදිරිපත් කිරීමට පැමිණිල්ල සැලසුම් කරයි.

අධිචෝදනා භාරදීමෙන් පසු, විත්තිකරුවන් තිදෙනාම ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය. එක් අයෙකුට රුපියල් 100,000 ක මුදල් ඇපයක් සහ රුපියල් මිලියන 2.5 ක ශරීර ඇප දෙකක් නියම කරන ලදී.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

මහධිකරණ විනිසුරු මංජුල තිලකරත්න බන්ධනාගාර බලධාරීන්ට නියෝග කළේ, දැනට සිර දඬුවම් විඳිමින් සිටින අලුත්ගමගේ සහ නලීන් ප්‍රනාන්දු ඊළඟ නඩු විභාගයේදී අනිවාර්යයෙන්ම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතර, ජනාධිපති නීතිඥ සංජීව රාජරත්නම්, නලින් ලද්දුවහෙට්ටි සහ සාලිය පීරිස් ය විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.

කැරම්බෝඩ් සහ දාම්බෝඩ් ප්‍රසම්පාදනයට අදාලව රුපියල් මිලියන 53කට අධික මුදලක් වංචා කිරීම සම්බන්ධව පසුගිය කොළඹ ස්ථිර මහාධිකරණ නඩු විභාගයේදී පසුගිය මැයි 29 වන දින අලුත්ගමගේට වසර 20 ක් සහ ප්‍රනාන්දුට වසර 25 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම විය.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස්පති වෙන්නට හිටි නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් නෙරපා දැමූ හැටි…

Next Post

අල්ලස් කොමිසම කියන්නේ බොරු… මාව අත් අඩංගුවට ගන්න ගෙදරට කවුරුත්ම ආවෙ නෑ… මම ගෙදර ඉන්නවා… හිටපු නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න කියයි!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.