කැබිනට් එකටත් වංගු ගසා කළ කෙරවළපිටියේ විකිණිල්ලට වාසු විමල් ගම්මන්පිල යළිත් විරුද්ධ වෙති!

කෙරවළපිටිය තාප විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට 40 ක් අමෙරිකානු සමාගමකට පවරා දීම සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරුන් වූ වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ ස්වකීය විරෝධතාවය පල කර ඇතැයි වාර්තා වේ.

කෙරවළපිටිය තාප විදුලි බලාගාරයේ කොටස්වලින් සියයට 40 ක් අමෙරිකානු සමාගමකට පවරා දීම සඳහා ඉකුත් සිකුරාදා ගිවිසුම් අත්සන් කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක ඊයේ  හෙළිදරවු කළේය.

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවක් කැඳවා ඊයේ (19) මෙසේ කීවේය.


“කෙරවලපිටිය බලාගාරයට අදාළ කැබිනට් පත්‍රිකාව 2021.09.06වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළා.

සාමාන්‍යයෙන් කැබිනට් පත්‍රිකාවක් රැස්වීමට දවස් තුනකට පෙර ඇමතිවරයා අතට පත් වුණත් මෙම කැබිනට් පත්‍රිකාව එලෙස ඉදිරිපත් කළේ නැහැ. අතිරේක පත්‍රිකාවක් ලෙස රැස්වීම අවස්ථාවේම ඉදිරිපත් වුණා. ඒ මොහොතේම ඊට අනුමැතියත් ලබාගත්තා ඇතැම් ඇමතිවරුන්ගේ විරෝධතා මධ්‍යයේ.

ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව අනුමත කිරීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව එහිදී ප්‍රකාශ කර තිබෙනවා. එහෙත් එයි කිසිම තේරුමක් නැහැ. සාමාන්‍යයෙන් සිදුවන්නේ ගිවිසුම සකස් කර එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගැනීමෙන් පසු අත්සන් තැබීමයි.

නමුත් මෙහිදී සිදුවුණේ එහි අනෙක් පැත්තයි. ඒ අනුව පසුගිය 17වැනිදා මධ්‍යම රාත්‍රී 12.06ට මෙම ගිවිසුම අත්සන් තබා තිබෙනවා. ඒ සඳහා සමාගමෙන් සහභාගී වූ විදේශිකයා පාන්දර 2ට පමණ තිබූ ගුවන් යානයෙන් ඇමරිකාවට ආපසු ගියා. ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයා ඇමරිකාවට ගියේ ඉන් පසුවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අනුර කුමාර දිසානායක කීවේය.

Exit mobile version