කැපෙන්න පුලුවන්… කැපුවොත් කපන්නෙ දන්වලා… ලංවිම  

power-cut

දැවිතෙල් ලැබීම මත විදුලිය කැපීම තීරණය    වෙන බව ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍ය අධිකාරි ආචාර්ය  සුසන්ත පෙරේරා   සදහන් කරයි

දැවිතෙල් නොලැබීමත් සමග ලබන අගහරුවාදා සිට අවදානම් තත්ත්වයක් පැන නැගෙනු ඇතැයි සාමාන්‍ය අධිකාරිවරයා කියයි.

යම් හෙයකින්  අඟහරුවාදා සිට විදුලිය කපන්නේ  නම් ඒ පිළිබඳව ජනතාව කලින් දැනුවත් කරන බවත් ඔහු සහතික කරයි.


කැලණිතිස්ස  බලාගාරය තුළ  ඩීසල්  ඇත්තේ  දින  පහමාරකට පමණක් වන අතර සපුගස්කන්ද  බලාගාරය තුල අද දහවල් 12ට ඩීසල්  අවසන් වූ බැවින්. දැනට එහි ධාරිතාවයක් නොමැති බවද හෙතෙම පවසයි.

“කෙසේ නමුත් අද සහ හෙට විදුලිය කැපීමක්  සිදු වන්නේ නෑ. නමුත්  සදුදා සිට දැවි තෙල්  ..නොලැබුනොත් විදුලි කැපීමක් සිදුවිය හැකියි. “  සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විදුලිය කැපීමක් සිදුකරන්නේ නම් කලින් ජනතාව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බවද සදහන් කරයි…

Exit mobile version