කැනේඩියානු මහ කොමසාරිස් අම්පාරේ අප්‍රකට චාරිකාවක…

David -McKinnon
කැනේඩියානු මහ කොමසාරිස් ඩෙවිඩ් මැක්යිනොන්  13 සහ 14 දින අම්පාරට පැමිණ   සාකච්ඡා කිහිපයක් පවත්වා තිබේ. මාධ්‍යයට අනාවරණය නොවුණු මෙම සාකච්ඡාව සඳහාඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ අම්පාර ජාතික ලැයිස්තු මන්ත්‍රී වරයෙක් වෙන්න කලෙයි අරසන්   සමග ඔහුගේ නාවිදන්වේලි නිවසේදී දහතුන් වන දින උදෑසන සාකච්ඡාවක් පවත්වා තිබේ.
ඉන්පසු අම්පාර මොන්ටි තානායමේදී  සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී යු.එල්. මූෂාරප්   සහ පසුගිය මහමැතිවරණය සඳහා සමස්ත ලංකා මහජන කොංග්‍රසයෙන් අම්පාර දිස්ත්‍රිකයට තරග වැදුණු විශ්‍රාමික විනිසුරු වරයෙක් වන අබ්දුලා  සහ අට්ටාලචේන ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක අන්සිල්  ද  සහභාගි වී තිබේ.
14 වන දින අම්පාර ගැමුණුපුර  පිහිටී සහජීවනය සඳහා වන මිත්‍රත්ව පදනම නමැති රාජ්‍ය නොවන සංවිධානයේ පිරිසක් සමඟ ද සාකච්ඡාවක් පවත්වා ඇත.
සංචාරයේ ඔහු පොතුවිල  ප්‍රදේශයෙද සංචාරය කර තිබේ. ඉන්පසු කැනේඩියානු තානාපති වරයා මඩකලපුව ප්‍රදේශයට  පිටත්ව ගොස් තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම සාකච්ඡා සඳහා මාධ්‍යයට කැදවීමක් කර නොතිබිණි.

Exit mobile version