කැනේඩියානු පොලිස් නිලධාරියෙක් ලෙස පෙනී සිටි යාපනයේ සල්ලාලයෙක් 13 හැවිරිදි කැනඩා දැරියක් දූෂණය කරලා…

දිනසේන රතුගමගේ –

කැනඩාවේ දී කැනේඩියානු පොලිස් නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් එම රටේ වයස අවුරුදු 13 ක දැරියක් දූෂණය කළ යාපනයේ ඉපදී  කැනඩාවට ගොස් සිටින සල්ලායෙක් කැනේඩියානු පොලීසිය විසින් ඊයේ (25) අත් අඩංගුවට ගෙන තිබේ.

33 හැවිරිදි අනුෂාන් ජයකුමාර් නැමති මෙම පුද්ගලයා පාරේ ගමන් කරමින් සිටි දැරියට ලියවිල්ලක් පෙන්වා ඇයගෙන් ප්‍රශ්න කිරීමට අවශ්‍ය බව පවසා පාළු ප්‍රදේශයකට ඇයව රැගෙන ගොස් දූෂණය කොට ඇති බව කැනඩාවේ බ්‍රම්රන්  ( Bramran ) ප්‍රාන්තයේ පොලීසිය සදහන් කරයි.

මෙම පුද්ගලයා විසින් කැනඩාවේ වෙනත් ළමයින්ට හෝ කාන්තාවන්ට මෙවැනි  අපරාධ සිදුකොට ඇත්දැයි සොයා බැලීම සදහාත් ඔහු වෙනත් අපරාධ වලට සම්බන්ධ දැයි විමසා බැලීම සදහාත් කැනේඩියානු පොලිසිය විසින් ඔහුගේ ඡායාරූපයක් මුදා හැර තිබේ.

අත් අඩංගුවට ගත් යාපනයේ තරුණයා රැකියවක් සදහා කැනඩාවට ගොස් සිටියදී ඔහුගේ රැකියාව අහිමි වී මිතුරෙකු ළග සිටින අයෙකු බවට තොරතුරු අනාවරණය වී තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කැනඩාවේ බ්‍රම්රන්   ( Bramran ) ප්‍රාන්තයේ පොලීසිය සැකකරුව අධිකරණයක් වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

Exit mobile version