කැනඩා අගමැති හිටි හැටියේ යුක්‍රේනයට යයි

කැනඩාවේ අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ හදිසියේම යුක්‍රේනයේ අධික ගැටුම් පවතින ඉර්පින් නගරයේ සංචාරයක නිතරවී තිබේ.

මෙම සංචාරය සම්බන්ධනේ ඉර්පින් නගරයේ නගරාධිපති පවසා ඇත්තේ තමට නගරයට සිදුව ඇති හානිය සියැසින්ම දැක ගැනීමට කැනඩා අග්‍රාමාත්‍යවරයා පැමිණි බවයි. දරණු යුධ ගැටුම් පවතින යුක්‍රේනයේ හිදිසියේම සංචාරය කළ එක්ම නායක ටෲඩෝ නවන අතර ඊට පැය කිහිපයකට පෙර ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ආර්යා ජිල් බයිඩන්ද හදිසි සංචාරයක නිතරවුවාය.

එහිදී බයිඩන් ආර්යාව පවසා ඇත්තේ,


මට මව්වරුන්ගේ දිනයට පැමිණීමට අවශ්‍ය වුනා. මෙම යුද්ධය නැවැත්විය යුතුයි, මෙම යුද්ධය කුරිරුයි. එක්සත් ජනපදයේ ජනතාව යුක්රේන ජනතාව සමඟ මේ අවස්ථාවේදී සිටින බව යුක්රේන ජනතාවට පෙන්වීම වැදගත් යැයි මම සිතුවා.

යනුවෙනි.

මේ අතර රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කරන ප්‍රහාර දැඩි කර ඇති අතර ඊට හෙට දිනයට (09) යෙදෙන සෝවියට් හමුදාවන් නාසි හමුදාවන් පරාජය කිරීම සනිටුහන් කරන සැමරුමද හේතුවි ඇති බව බටහිර මාධ්‍ය සඳහන් කරයි.
කෙසේ වෙතත් යුක්‍රේන ජනාධිපතිවරයා විසින් රුසියානු ආක්‍රමණය නාසි හමුදාවන් යුරෝපය ආක්‍රමනය කිරීමට සමාන කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන් අද දින රුසියානු හමුදාවන් එල්ල කළ ප්‍රහාරයකින් පාසලක රැකවරණය ලබමින් සිටි සිවිල් වැසියන් 60 දෙනෙකු මරණට පත්වන්නට ඇති බවට යුක්‍රේන ආරක්ෂක අංශ සැක පළකළේය.

Exit mobile version