කාවින්දයි මමයි අද එනවා ඉරාජ් ඔයත් එන්න – හරීන් කියයි

හරීන් ප්‍රනාන්දුගේ අභියෝගය ඉරාජ් අද බාර ගනීද?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයර්ධනගේ ප්‍රතිරූපයට හානි වන අයුරින් සකස් කළ බව කියන වීඩියෝවක් සම්බන්ධයෙන් සිදු කළ පොලිස් පරීක්ෂණවලට බාධා කළ බවට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ චෝදනා එල්ල කරන ගායක ඉරාජ් විරරත්නට තමන් සහ කාවින්ද එක්ව අද දින පවත්වන සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවට පැමිණ ඒ් ගැන ප්‍රශ්න කරන ලෙසට හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඉරාජ්ට අභියෝග කරයි.

ඔහු මේ පිළිබඳව ඊයේ රාත්‍රි තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ “හිතවත් ඉරාජ් කරුණාකර අද දින (21)  සවස 2.00 ට සමගි  ජන බලවේගයේ ප්‍රධාන කාර්යාලට පැමිණ මේ ගැන ඔබට තිබෙන සියලු  ප්‍රශ්න වලට උත්තර ගන්න “යනුවෙනි.

මෙම වීඩියෝව හිටපු පළාත් සභා මන්ත්‍රීනි , ජීවන් කුමාරතුංගගේ දියණී, මල්ෂා කුමාරතුංග විසින් ඉරාජ් විරරත්නගේ නැගණියට ලබා දි ඇති බව පැවසෙන අතර ඒ පිළිබඳව තමන් විසින් සිදු කරන ද පැමිණිල්ල මත මල්ෂා කුමාරතුංග  පදිංචි බව කියන  කොළඹ 02 පිහිටි සුඛෝපබෝගී මහල් නිවාසයකට ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනිමට ගිය අවස්ථාවේ ඊට හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු බාධා කළ බවට වෛද්‍ය කාවින්ද ජයවර්ධන කළ ප්‍රකාශයක් පසුගියදා අරුණ පුවත් පත වාර්තා කොට තිබුණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද මේ පිළිබඳව අද මාධ්‍ය හමුවේදී හරීන් ප්‍රනාන්දු සහ වෛද්‍ය කාවින්ද ජයවර්ධන එක්ව අදහස් දැක්වීමට නියමිතය.

 

Exit mobile version