කාලගුණය වෙනස් වෙයි… මධ්‍යම සබරගමුව දකුණ සහ බස්නාහිරට ගිගිරුම් සහිත වැසි….

නතාෂා නෙත්මිණි –

මධ්‍යම , සබරගමු , දකුණු සහ බස්නාහිර පළාත්වල තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් ඒ අතර ප්‍රබල අකුණු ඇතිවීමේ අවදානමක් ඇතිවිය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා සිටියි.

මේ අතර ඇතැම් ස්ථානයන් වෙත මි.මී 75ට වැඩි වර්ෂාපතනයක්ද බලාපොරොත්තු විය හැකි බව  එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ස්ථානයන්ගේ තාවකාලික තද සුලංද ඇතිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අකුණු සහ ගිගුරුම්පවතින අවස්ථාවන්වලදී ආරක්ෂිත පියවරයන් අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි. 

Exit mobile version