කොළඹ මහ නගර සභාවේ උප ඒකකවල සේවකයින්ට දීර්ඝ කාලයක් තිස්සේ සැලසුම් සහගතව හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ නගර සභා සේවකයෙක් ඔහුගේ කාර්යාල කාමරය තුළ දීම මත්ද්‍රව්‍ය සමග අත් අඩංගුවට ගැනීමට වලානේ මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකායේ නිලධාරීන්ට හැකි වී තිබේ.
ඊයේ (22) කළ විශේෂ මෙහෙයුමක දී මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල කැම්බල් ක්‍රීඩාංගනය පිටුපස ඇති කොළඹ මහ නගර සභාවේ දිසා කාර්යාල අංක 3 හි සේවකයෙකි.
කාර්යාල වේලාවේ දී ඔහු අත් අඩංගුවට ගන්නා විට ඔහු සන්තකයේ තිබී අයිස් ගෑම් 20.8ක් සොයා ගෙන තිබේ. රාජකාරි කාමරය තුළ දී මෙම මත්ද්‍රව්‍ය සූක්ෂම ඇයුරින් ඇසුරුම් කර නගර සභා සේවකයින් වෙත බෙදා හැර ඇති බව විමර්ශන අංශ පවසයි.
සැකකරු බොරැල්ල පොලිස් ස්ථානය වෙත යොමු කිරීමෙන් පසු රඳවා තබාගැනීමේ නියෝග මත වැඩි දුර විමර්ශන ආරම්භ කර ඇත.







