බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාන්තා ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා – ඉන්දියා කෙල්ලෝ අද තරග බිමේ…

by editor
සැප්තැම්බර් 30, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන මංගල තරගයෙන් කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අදින් (30) ආරම්භ වේ.

මෙවර තරගාවලිය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ පැවැත්වීමට නියමිතය. තරගාවලියේ සමාරම්භක උත්සවය ඉන්දියාවේ ග්වාති ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත ඉන්දියා ශ්‍රී ලංකා තරගය අද පස්වරු 3ට ආරම්භ වීමට නියමිතව තිබේ.

පළමු වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 7කට සහභාගී වන අතර ඉන් තරග 2ක් ඉන්දියාවේදීත් තරග 5ක් ශ්‍රී ලංකාවේදීත් පැවැත්වීමට නියමිතය.

අද ඉන්දියානු කණ්ඩායමට ස්මිටි මන්ධානා, ප්‍රටිකා රවෙල්, හර්ලින් ඩිඕල්, හර්මන්ප්‍රීට් කවුර්, ජෙම්මා රොඩ්‍රිගුවේස්, රිචා ගෝෂ්, දීප්ති ෂර්මා, අමන්ජොට් කපූර් හෝ රාධා යාදේව්, ස්නේහ් රානා ක්‍රාන්ටි ගවුඩ්, රේනුකා සිං තරග වදිනු ඇත.

මෙම පෙරහුරු තරග දෙක මත ශ්‍රී ලංකා පිලට චමරි අතපත්තු සමගින් හසිනි පෙරේරා ආරම්භක පිතිකරුවෙක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සාමාන්‍යයෙන් ආරම්භක පිතිකරුවෙකු වන විශ්මි ගුණරත්න අංක 4 ස්ථානයේ පන්දුවට පහර දීමට ඉඩ ඇත. ප්‍රබෝධනී නැවත පැමිණීමත් සමඟ අචිනි කුලසූරිය සහ මදාරාගෙන් එක් අයෙකු පමණක් ක්‍රීඩා කරනු ඇත.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම හසිනි පෙරේරා, චමරි අතපත්තු (නායිකා), හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, කවිෂා දිල්හාරි, අනුෂ්කා සංජීවනී (කඩුලු), නිලක්ෂිකා සිල්වා, සුගන්දිකා කුමාරි, ඉනෝකා රණවීර, මල්කි මදාරා/අචිනි කුලසූරිය, උදේශිකා ප්‍රබෝධනී තරග කරනු ඇත.

තණතීරුව

ඊයේ තරමක් සිසිල් කාලගුණයකින් පසු ගුවහාටි හි සවස් කාලය සැලකිය යුතු ලෙස අඳුරු විය. තරගය ආරම්භ වන විට, උෂ්ණත්වය 30°C අඩු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. නමුත් දහවල් හිරු එළිය යටතේ එය උණුසුම් විය හැකිය. අවම තණකොළ සහිත මැද තණතීරුව තරගය සඳහා භාවිතා කරනු ඇත.

2022 ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගවලදී වැඩිම කඩුලු සංඛ්‍යාව ලබාගන්නේ කවීෂා දිල්හාරිය. එම කඩුළු ප්‍රමාණය කඩුළු 26 කි. එම කාලය තුළ ඉන්දියානු ක්‍රීඩිකාවන් තිදෙනෙකු එම සීමාව ඉක්මවා ගොස් ඇත. ඉන්දියාව වෙනුවෙන් වැඩිම කඩුළු ලාභිනිය දීප්ති ෂර්මාය. ඇය මේ කාලය තළ කඩුළු 59ක් ලබා ගෙනය, රේණුකා සිං කඩුළු 35කි. ස්නේ රානා කඩුළු 27කි.

ගතවන්නේ චමරි අතපත්තුට යහපත් කාලයක් නොවේ. වර්ෂ 2016න් පසු ඇය ප්‍රථම වරට ඇය මේ වසරේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ජාත්‍යාන්තර එක් දින තරගවල ලකුණු ලාභී ක්‍රීඩිකාව නොවේ. හර්ෂිතා සමරවික්‍රම ලකුණු 336 ක් ලබා ගනිමින් පෙරමුණ ගෙන සිටින්නීය. චමරී අතපත්තු ලැයිස්තුවේ පස්වන ස්ථානයේය.

පසුගිය එක්දින ලෝක කුසලානයෙන් පසු ඕනෑම පිතිකාරියක ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ස්ම්‍රිටි මන්දානා වර්තා කර ඇත. ඇය ලබා ගෙන ඇති ලකුණු ප්‍රමාණය 2100කි.

කණ්ඩායමක් ලෙස ඉන්දියාව ශක්තිමත්ය. සමබරය. පිටියේ වාසිය ඔවුන්ටය. එහෙත් අප ඉන්දියාව හමුවන්නේ ආසියානු ශූරයින් ලෙසය. ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දියාව ලැබූ එක්දින පරාජයන් තුනෙන් එකක් ලැබුවේ මෙම වසර මුලදී ය. ආත්ම විශ්වාසය සහිත පළපුරුදු නායිකාවක මෙහෙයවන ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගයක මූලික දේ නිසි ආකාරයෙන් කළමනාකරණය කරනවා නම් ශ්‍රී ලංකා කණඩායමට අමරණීය සටහනක් තැබිය හැකි අවස්ථාවක් උද්ගත වී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තිස්සමහාරාමයේ ගරාජයක් තුළ ගරාජයේ හිමිකරු වෙඩි තබා ඝාතනය කළ වන්ඩු චමින්ද අත් අඩංගුවට..

Next Post

ශෂීන්ද්‍ර රාජපක්ෂ යළිත් දින 14ක් රිමාන්ඩ්…

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.