කාන්තා දිනය දා පොලිසිය වාචිකව හා ලිංගිකව හිංසා කළ බව කියමින් “අයිතීන් උදෙසා කාන්තාවෝ” මානව හිමිකම් යති!

ලෝක කාන්තා දිනය දා පොල්දූව මංසන්ධිය අසල තමන් සංවිධානය කළ සාමකාමී විරෝධතා ව්‍යාපාරයට දේශපාලන අධිකාරියේ බලපෑම මත පොලිසිය විසින් උද්ඝෝෂණයට පැමිණ සිටි කාන්තාවන්ට වාචිකව හා ලිංගිකව හිංසා කළ බවත්, ජල බවුසර, කඳුළුගෑස් විදින වලින් සන්නද්ධ බලඇණි ගෙන්වා මහා මාර්ගය වසා බරපතල තර්ජනයකට ලක් කළ බවත් කියමින්  අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය අද මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ගොනු කළහ.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනී හරිනී අමරසූරිය, අයිතීන් උදේසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ ඇතුළු කණ්ඩායමක් මෙම පැමිණිල්ල කරමින් මානව හිමිකම් කොමිසම හමුවේ ගොනු කරමින් මේ සිද්ධිය සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටියහ.

මෙහිදී මාධ්‍ය ඇමතූ ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ  . කාන්තා දිනයක් දා කාන්තාවගේ   අදහස් කිරීමේ අයිතිය  මේ රටේ පාලකයින්ට ඉවසිය නොහැකි නම්  රටේ නීතියත් ප්‍රජාතන්ත්‍රවාදයත් ඇත්තේ මොනතරම්   අවදානමකදැයි පැහැදිලි බවය.

ඇය මෙසේ ද කීවාය.


“ කාන්තා දිනයක් කියන්නේ කාන්තාවගේ අයිතීන්  වෙනුවෙන් ඉතිහාසයේ කළ සටන් සමරන  දිනයක්. එම අයිතීන් වෙනුවෙන් හඬක් නැගීමට වෙන්වුන ජාත්‍යාන්තරව පිලිගන්න දිනය. ලංකාවේත් විවිධ උත්සව තිබුණා. විරෝධතා තිබුණා. අයිතිනී උදෙසා කාන්තාවො ඉතාම සාමකාමී ලෙස කළ උද්ඝෝෂණය ඉතාම ප්‍රාකෝපකාරී තැනකට තල්ලු කරන්න පොලිිසය උත්සාහ කළා.  කාන්තාවන් අපහසුතාවයකට පත් කරන ආකාරයට හැසිරුණා.

“අප හිතන්නෙ නෑ මේක පොලිසිය තනියෙන් ගත්ත තීරණයක් කියලා.   අනිවාර්යයෙන්ම උඩින්ම ආපු නියෝගයක් අනුවයි මේක සිද්ධ වුනේ. මේක පසුපස දේශපාලනය තියනවා. දේශපාලනය තුළින් හදන්නේ මානව අයිතිවාසිකම් අදහස් ප්‍රකාශකිරීම උදඝෝෂණයක් කිරීමේ අයිතිය පාලනය කරන්න.   ඒ බලය තමන්ගේ දේශපාලන අරමුණ වෙනුවෙන් යොදා ගත් හැටි අපි එදා හොඳින් නිරීක්ෂණය කළා.

නිදහස උදෙසා කාන්තාවෝ සංවිධානය ජාතික ජන බලවේගයත් එක්ක බද්ධ වෙච්චි ව්‍යාපාරයක්. අපත් එක්ක එදා වෙනත් කාන්තා සංවිධාන ගණනාවක් උද්ඝෝෂණයට එක් වෙලා හිටියා.  නිදහස වෙනුවෙන් පෙනී ඉන්න දේශපාලන ව්‍යාපාරයක් විදිහට ඒක අපේ අයිතියක්. කාන්තා දිනය කියන්නෙ විශේෂයෙන්ම අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් තියන දිනයක්. ඒකවත් මේ රටේ පාලකයින්ට ඉවසන්න බැරිනම් රටේ නීතියත් ප්‍රජාතන්ත්‍රවාදයත් තියෙන්නෙ  මොනතරම් අවදානමක ද කියන එක පැහැදිලියි.

“ ඒකට ඉතිහාසයක් තියනවා.  අපි දන්නවා අසූ ගණන්වල රනිල්ගේ මාමා ජනාධිපති වෙලා ඉන්න කාලේ කාන්තා දින තහනම් කළා. කාන්තා දිනවලට විවිධ ප්‍රහාර එල්ල කළා. විවියන් ගුණවර්ධන වැනි වාමාංශික නායකයින්ව අත්අඩංගුවට ගත්තා. ඔවුන්ට පහර දුන්නා. එවැනි දේශපාලන සංස්කෘතියකට උරුම කෙනෙක් තමයි රනිල් වික්‍රමසිංහ. “

“ඔහුගේ ආණ්ඩුව තමයි නැවත වරක් 2023ත් ඒ තත්ත්වය නිර්මාණය කරන්න උත්සාහ කරන්නේ.  එත් ඔහු තේරුම් ගන්න ඕන එක්දහස් නවසිය අසූ ගණන්වල තිබුණ තත්ත්වයත් 2023 තුළ තිබෙන තත්ත්වයත් සහමුලින්ම වෙනස් කියලා.”

“අද ඊට වඩා සංවිධානය වෙච්චි කාන්තා පරපුරක් ඉන්නවා. ඔහුගේ නින්දිත ක්‍රියාවලින් අපිව යටපත් කරන්න බෑ. අපි ඒ කාන්තාවන්ගේ අයිතින් වෙනුවෙන් දිගින් දිගටම පෙනී ඉන්නවා. “

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ඒ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් තියන්න කියලා ඉල්ලීමත් එක්ක තමයි මානව හිමිකම් කොමිසම ඉදිරියට ඇවිත් බාර දුන්නේ. “ ආචාර්ය හරිනී අමරසූරිය කීවාය.

Exit mobile version