කාන්තාවන් 4 දෙනෙකුගේ අමානුෂික පහරකෑමට ලක් වූ තරුණයෙක් සිය දිවි නසාගෙන….

කාන්තාවන් 04 සහ පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට....

suicide

දිනසේන රතුගමගේ –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාපනයේ නාවන්තුරේ ප්‍රදේශයේදී සියදිවි හානිකර ගත් තරුණයෙකුට පහර දුන් බව කියන ප්‍රදේශයේ කාන්තාවන් හතර දෙනෙකු හා තවත් පුද්ගලයෙකු යාපනය පොලීසිය විසින් ඊයේ 29 අත් අඩංගුවට ගෙන තිබේ.

පරෙවියන් අලෙවි කිරීමේ සිද්ධියක් සමග ඇති වූ මත ගැටුමකින් පසුව කාන්තාවන් හතර දෙනෙකු හා තවත් පුද්ගලයෙකු යාපනයේ නාවන්තුරේ ප්‍රදේශයේ දී විසි හැවිරිදි තරුණයෙකුට පහර දී ඉතා අමානුෂික අන්දමට වධ හිංසා පමුණුවා තිබේ.

සිද්ධියෙන් කම්පාවට පත් තරුණයා එදිනම ගෙළ වැළලාගෙන මියගොස් සිටි අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූ පොලීසිය කාන්තාවන් හතර දෙනා හා ඔවූන්ට අනුබල දුන් තවත් පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකාරියන් හතර දෙනා හා සැකකරු යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.

Exit mobile version