කාන්තාවකට ලිංගික අතවර කළ ප්‍රාදේශිය මන්ත්‍රි රිමාන්ඩ්

ලලිත් චාමින්ද –

යක්කලමුල්ල බටකැටිය ප්‍රදේශයේ නිවසකට අයුතු ලෙස ඇතුළු වී  කාන්තාවකට   ලිංගික අතවර කළ යක්කලමුල්ල ප්‍රදේශිය සභාවේ  මන්ත්‍රිවරයකු  අද (06) ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් සංජිවනි පවිත්‍රා පතිරණ  වෙත ඉදිරිපත් කිරීමෙන් පසු  මෙම  මස 19 වැනිදින  දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මෙසේ  රක්ෂිත බන්ධනාගාරගත කරණු ලැබුවේ යක්කලමුල්ල  ප්‍රාදේශිය සභාවේ  සංජිව අබේනායක නැමති එ.ජ.නි. සන්ධාන්ධනයේ  මන්ත්‍රිවරයෙකි. මෙකි මන්ත්‍රිවරයා යක්කලමුල්ල පොලිසිය මගින් අත්අඩංගුට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබුණි.

 ලිංගික අතවරයට ලක්වු  කාන්තාවගේ සැමියා මියගොස් ඇත.  එම නිසා ඇය දරු දෙදෙනා සමග තවලම ප්‍රදේශයේ ඥාති නිවසක පදිංචිව සිට ඇත. ඊයේ (05) ඇය වයස අවුරුදු එකහමාරක  බාල දරුවා සමග  බටකැටිය  ප්‍රදේශයේ සිය නිවසට පැමිණ ඇත. ලොකු පුතාගේ වයස අවුරුදු 09ක් වන අතර  ඔහු මහණ කිරිම සදහා  ඔහුගේ ඇදුම් රැගෙන යාමට නිවසට පැමිණ ඇත.  එදින ඇය  වත්තේ දළුකඩා නිවස අස්පරස්කොට සිටියදි පස්වරු 5.30ට පමණ මෙකි ප්‍රදේශිය සභා මන්ත්‍රිවරයා  සුදු නෝනා කියා  දොරට තට්ටුකොට ඇත.  මන්ත්‍රිවරයා මෙකි කාන්තාවගේ ඥාති සහෝදරයකු වන අතර ඇය සුදු අයියා කියා නිවසේ දොර ඇර ඇත. ඉන්පසු මන්ත්‍රිවරයා  සාලයේ වාඩිවි ටික වෙලාවක් සිට මෙකි කාන්තාවගේ මුහුණ සිපගෙන ඇත. පසුව ඇය මන්ත්‍රිවරයා තල්ලුකොට තිබේ. ටික වෙලාවක් සිට සැකකාර මන්ත්‍රිවරයා  වතුර විදුරුවක් ඉල්ලා තිබේ. වතුර විදුරුවක් ගෙන එම සදහා  කාන්තාව කුස්සියට ගොස් ඇත.ඒ සමග මන්ත්‍රිවරයා පිටු පසින් ගොස් කාන්තාව  බදාගෙන ලිංගික අතවර කිරිමට උත්සාහ කොට ඇත. මන්ත්‍රිවරයා විසින් කාන්තාව  ඇදගෙන කාමරය තුලට පැමිණ ඇති අතර  කාන්තාව ඔහුගෙන්  බේරි නිවසින් එළියට පැනගෙන ඇත. පසුව මේ පිළිබද අදාල කාන්තාව විසින් පැමිණිලි කිරිමෙන් පසු මන්ත්‍රිවරයා  අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබුණි  


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 ගාල්ල සහකාර පොලිස් අධිකාරි 04 උදය කුමාර මහතාගේ උපදෙස් පරිදි යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දමිත පෙරේරා මහතා විසින්  පරික්ෂන පවත්වයි.

 

 

Exit mobile version