කාන්තාවකගෙ තිසරුපට ඇතුලේ හෙරොයින් තිබී පොලිස් අත්අඩංගුවට

මාතර සම්පත්

ත්‍රීරෝද රථයක පිටුපස ගමන් කළ කාන්තාවක් පරික්ෂා කිරීමේදී කිරීමේ දී එම කාන්තාවගේ තිසරු පට යට සඟවාගෙන හෙරොයින් මිලි ග්රෑම් 3000ක් තිබීම හේතුවෙන් වැලිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

වැලිගම පොලිස් බල ප්‍රදේශයේ ඉබ්බාවල මධ්‍ය මහා විද්‍යාලයට ආසන්නයේදී සැක සහිත වන පරිදි ධාවනය වූ ත්‍රිරෝද රථයක් පරිත්‍යාග පරික්ෂා කිරීමට උත්සාහ කිරීමේදී ත්‍රී රෝද රථය පදවාගෙන පැමිණි රියදුරු ත්‍රීරෝද රථයෙන් පැන පලාගොස් තිබේ.


එම අවස්ථාවේ ත්‍රිරෝද රථයේ පිටුපස වාඩි වී සිටී කාන්තාව දෙස පොලිසිය අවධානය යොමු කළ විට ත්‍රී රෝද රථයේ වාඩිවී සිටි වාඩිවී සිටි කාන්තාව අනවශ්‍ය ලෙස එහාට මෙහාට ඇඹරීම නිසා පොලිස් නිලධාරීන්ට සැක සිතී ඇත. පසුව කාන්තා පොලිස් නිලධාරිනියක් විසින් ඇය පරික්ෂා කිරීමේදී ඇගේ තිසරුපට යට රෝස පාට ගොසරි බෑග් එකක සඟවාගෙන තිබූ හෙරොයින් ටික හසුවී ඇත.

පසුව එය ගෙන පරික්ෂා කිරීමේදී ග්‍රෑම් 3ක ප්‍රමාණයක් බව තහවුරු කරගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ අහංගම දික්කුඹුර කෝංගහ වත්තේ පදිංචි 45 හැවිරිදි කාන්තාවකි. කලක සිට වැලිගම ප්‍රදේශයට හෙරොයින් ප්‍රවාහනය කර ඇතැයි පොලිසිය සිදු කළ විමර්ශනවලින් අනාවරණය කරගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතාගේ උපදෙස් මත වැලිගම පොලිසියේ දූෂණ මර්දන අංශයේ උප පොලිස් පරීක්ෂක කසුන් තෙවරප්පෙරුම කාන්තා පොලිස් සැරයන් 1473 හේරත් ඇතුළු නිලධාරීන් සැකකාරිය අත්අඩංගුවට ගෙන මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 14 රක්ෂිත බන්ධනාගාර ගත කළේය .

Exit mobile version