කාදිනල් තුමාගේ තොරතුර හරියටම හරි… අත්අඩංගුවට පත් බෝම්බකරු සියල්ල හෙළි කරයි…

බෝම්බය තබා තියෙන්නෙ රුපියල් පනස් දහසක කොන්ත්‍රාත්තුවකට...

සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයට බෝම්බයක් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුවත්පත් සාකච්ඡාවක් කැඳවා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන්   විසින් හෙළිදරවු කර සැකකරු අද ( 15) සවස ඇඹිලිපිටියේ දී අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් දෙවස්ථානයට බෝම්බය රැගෙන විත් ඇත්තේ මෙම පුද්ගලයා බව හෙළිදරවු වී ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

රාජ්‍ය බුද්ධි සේවයට ලද තොරතුරක් මත ඇඹිලිපිටියේ දාන ගෙදරක සිටිය දී අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිදරව් වී ඇත්තේ ඔහු මෙම බෝම්බය ගෙනැවිත් තබා ඇත්තේ යම් පුද්ගලයෙක් විසින් ලබා දුන් රුපියල් පනස් දහසක කොන්ත්‍රාත්තුවක් මත බවය.

මේ පුද්ගලයා කඩවත පදිංචිව සිටි අයෙකි. කඩවත සිට පැමිණ බෝම්බය දේවස්ථානයේ තබා ඔහු මෙසේ සැඟවී ගොස් ඇත.


අදාල පුද්ගලයා කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ප්‍රශ්න කරමින් සිටී.

 

කාදිනල්තුමා විසින් කළ මෙම හෙළිදරවු කිරීම පිළිබඳව පිළිබඳව පොලිසිය භාර අමාත්‍යවරයාත් ආරක්ෂක ලේකම්වරයාත්, එක් රටක් එක් නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ගලගොඩඅත්තේ ඤාණසාර හිමියනුත් දැඩිව විවේචනය කළේය.

කෙසේ වෙතත් මේ වනවිට සිදුකර ඇති පරීක්ෂණවලින් පොලිසිය විසින් මින් පෙර අත්අඩංගුවට ගත් සිවු දෙනා මෙම බෝම්බ සිද්ධියට   කිසිම ආකාරයකින් සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබුණේ නැතැයි පොලිසිය කියයි.

වැඩිදුර කියවන්න…

කාදිනල් තුමාගේ හෙළිදරව්වෙන් පසු පොලිස් ලොක්කෙක් බේරෙන්න පොඩ්ඩන් කීප දෙනෙකුට ස්ථාන මාරු!

කාදිනල් හිමි කියූ දේ හරි… අත් අඩංගුවට ගත් කිසිවෙක් සිද්ධියට ඍජුව සමබන්ධ බවට තොරතුරු නෑ!

පොලිස් ඇමති කාදිනල් තුමාට උත්තර දෙයි!. තොරතුරු ඇතිනම් මාධ්‍යයට පෙර පොලිසියට දෙන්න!

පොලිස්පතිතුමාට කෝට් එක ගලවන්න කියන්න ඒක දුන්නෙ කාදිනල්තුමා ද?…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“පොලිස්පතිකම කාදිනල්ට දෙන්න”… “ගලගොඩ අත්තේ” කියයි!

Exit mobile version