කාදිනල්තුමා පසුපස දේශපාලන හස්තයක්! දයාසිරි කියයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පිළිබඳ අගරදගුරු අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් විසින් ඊයේ කරන ලද ප්‍රකාශය පිටුපස විශාල දේශපාලනයක් ඇති බවත් එමගින් ඉලක්ක කරනු ලබන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවත් එම පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

කොළඹ අද පැවැති හමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මාධ්‍යවේදීන් කළ විමසුමකට පිළිතුරු ලෙස මහලේකම්වරයා මේ බව සඳහන් කළේය.

“ජනාධිපතිතුමා ඡන්දය ඉල්ලලා ඉවරයි. එතුමා ඡන්දය ඉල්ලලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ඉවරයි. ආපහු ඡන්දය ඉල්ලන්නේ නෑ. ඉතින් ඒක වැරදි විදියට තේරුම් ගැනීමක් කියලයි මං හිතන්නේ . ඒ වගේම කිසිම කෙනෙක් මේ කොමිෂන් සභා වාර්තාවේ එතුමාව වැරදිකරුවෙක් කරල නෑ කිසිම තැනක. එතුමාට එරෙහිව නඩු පවරන්න අවස්ථාවක් තියෙනව ද කියලා සොයා බලන්න නීතිපති දෙපාර්තමේන්තුවට කියල තියෙන එක විතරයි ඒකෙ කියලා තියෙන්නේ. නැතුව එතුමාව වරදකරුවෙක් කරලා නෑ. ඒ නිසා මං කණගාටු වෙනවා ඒක නිවැරදිව තේරුම් අරගෙන නැති එක ගැන. කිසිම කෙනෙක් අපේ රටේ උසාවියෙන් වරදකරුවෙක් වන තුරු වැරදි කාරයෙක් නෙවෙයි. මේ බෝම්බ ගැහුවේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා නෙවෙයිනෙ. මේ බෝම්බ ගහපු මිනිහව හොයාගන්න එකයි අපි කළ යුත්තේ. මං හිතන්නේ නිවැරදි බෝම්බකරු කවුද කියන එක මේවගෙන් යටපත් වෙලා යනවා.


අපි පක්ෂය හදාගෙන ඉස්සරහට යද්දී මේ වගේ පහරදීම් අපට සිද්ධ වෙනවා. ඒ නිසා අපි එකට කලබල වෙන්නේ නෑ. අපි බලාපොරොත්තු වෙනවා උන්වහන්සේත් සාධාරණව මේ ගැන කල්පනා කරයි කියලා. මේ ප්‍රකාශය තුළ විශාල දේශපාලනයක් තියෙනවා කියන එකයි මට කියන්න තියෙන්නෙ. අහන්න තියෙන්නෙ ඒ ප්‍රකාශය කරන කොට ඒ ප්‍රකාශය පිටුපස තියන හස්තය මොකක්ද කියලා. ඒ නිසා මට කියන්න තියෙන්නේ එවැනි ප්‍රකාශ තුළින් කාදිනල් උන්වහන්සේත් දේශපාලනීකරණයට ලක් වීමක් තමයි අවසානයේ සිද්ධ වෙලා තියෙන්නේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේක පිටිපස්සේ කවුරු ඉන්නවද කියලා මම දන්නේ නෑ කවුරු ඉන්නවද කියලා තේරෙන්නේ නැහැ. හැබැයි මේක මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඉලක්ක කරගෙනම සිද්ධ වෙනවා කියන්නේ මේ ඉලක්ක කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේ බලවේගය. ඒ නිසා ඒකට මුහුණ දෙන්න අපි සුදානම්.”

Exit mobile version