ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ විවාදිත ජංගම දුරකථනය පොලීසියට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ විවාදිත ජංගම දුරකථනය අද දින ක්‍රීඩා වැරදි විමර්ශන පොලිස් ඒකකයට භාර දී ඇති අතර ඔහුගේ වත්කම් හා බරකම් දින 14ක් තුළ ප්‍රකාශයට පත් කරන ලෙස පොලිසියෙන් නියෝග කර තිබේ.

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරග පාවාදීමක් සම්බන්ධයෙන් වෙනත් කණ්ඩායම් දෙක තරගකරුවන් දෙදෙනකුට දුරකථන ඇමතුම් දුන් බවට සැළකෙන එම ජංගම දුරකතනය නැති වූ බවට සචිත්‍ර සේනානායක එම පොලිස් ඒකක වෙත මීට පෙර පවසා තිබුණි.

ඔහු දෙවන දිනටත් අද එම පොලිස් ඒකකය වෙත පැය 10 ක ප්‍රකාශයක් ලබාදී ඇත.


ඊයේ දිනයේදීද පැය 9ක් පුරා එහෙම පොලිස් ඒකකය විසින් ඔහුගෙන් ප්‍රශ්න කරන ලදී.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මීට පෙර අවස්ථා තුනකදී එම පොලිස් ඒකකය හමුවේ පෙනී සිටීම සචිත්‍ර සේනානායක විසින් මග හැර තිබුණි.

Exit mobile version