කළුවැල්ල ශ්‍රී හෘදය කන්‍යාරාමයේ ගෙල වැල ලා ගත් තරුණිය සම්බන්ධව විවෘත තීන්දුවක්…

suicide

ලලිත් චාමින්ද –

ගාල්ල කළුවැල්ල ශ්‍රි හෘදය කන්‍යාරාමයේ කාමරයක් තුළ දී ගෙල වැළලාගෙන මියගිය කන්‍යා සොයුරියක් විමට ඉගෙනුම ලබමින් සිටි තරුණියගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරික්ෂණය පැවැත්වු ගාල්ල  කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂක වෛද්‍ය බි.ජි.එන් කරුණාතිලක   විසින් සිරුරේ කොටස් වැඩිදුර පරික්ෂණ සඳහා යොමුකොට මරණය සම්බන්ධව විවෘත තීන්දුවක්  අද (15)  ලබා දුන්නේය.

මියගොස් ඇත්තේ 25 හැවිරිදිවියේ පසුවු මිගමුව කිඹුලාපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණියකි.

මෙම තරුණිය  තම නිවුන් සහෝදරිය සමග මෙම වර්ෂයේ ජනවාරි මස  ගාල්ල කළුවැල්ල ශ්‍රි හෘදය කන්‍යාරාමයට  ඇතුළත්ව ඇත. ඒ  කන්‍යා සොයුරියක් විම සඳහා  අධ්‍යාපන කටයුතුවල නිරතවිම සදහාය.


ඊයේ (14) රාත්‍රි 8.00 පමණ මියගිය තරුණිය රාත්‍රි ආහාරය ගෙන පිටවගොස් ඇත. ඇය සිය කාමරය තුළ නොසිටි නිසා මියගිය තරුණියගේ නිවුන් සහෝදරිය හා එහි  සිටි තවත් දෙදෙනෙකු ඇය  සොයා ඇත. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුව සොයා බැලිමේ දී  මෙම තරුණිය පාළු කාමරයක   ජනේලයේ බාල්කයක සාරියකින් ගෙල වැළලාගෙන සිටියදි හමුවි තිබේ. මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරික්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි අජිත් රත්නවිර   විසින් සිදුකරණු ලැබිය.

 

Exit mobile version