කළුතර පන්සලක හිමිනමකගේ ලක්ෂ 11ක් සොරකම් කරලා…

කළුතර පන්සලක හිමිනමකගේ ලක්ෂ 11ක් සොරකම් කරලා...

සුමිත් පොතුපිටිය

කළුතර ප්‍රදේශයේ ප්‍රසිද්ධ  විහාරස්ථානයක වැඩවසන හිමිනමකට අයත් රුපියල් ලක්ෂ 11 කට ආසන්න  මුදලක් සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත  පරීක්ෂණ ආරම්භ කල බව කළුතර උසස් පොලිස් නිලධාරීයෙක් පැවසීය .

ප්‍රදේශයේ ප්‍රසිද්ධ  විහාරස්ථානයක නායක හිමි නමක විසින් කල පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.


විහාරාධිපති හිමියන් වැඩවසන කුටියේ උන් වහන්සේ සැතපෙන ඇදෙහි  කොට්ටය යට තිබූ රුපියල් දසලක්ෂ අනූහත් දහස් පන්සීයක මුදලක් මෙසේ සොරකම් කර ඇති බව පැමිණිල්ලේ සටහන්ව ඇති බව පොලිසිය කීය.

විහාරස්ථානයේ සංවර්ධන කටයුත්තක් සඳහා වෙන්කර තිබූ මුදල් මෙසේ සොරකම් කර ඇති බව සඳහන් වේ.

සැකකරුවන්  මෙතෙක් හදුනාගෙන නොමැති බවත්  ඔවුන් සොයා පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය කීය.

කළුතර කොට්ඨාස ඇගිලි සටහන් පරීක්ෂණ  නිලධාරීන්ද පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව සඳඅහන්වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ සහ සහකාර පොලිස් අධිකාරී සුනෙත් ශාන්ත යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල ලක්සිත මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ  නිලධාරීන් පරීක්ෂණ පවත්වති.

Exit mobile version