කළුතර තරු පන්තියේ හෝටල් කාමරයක් තුළ ඇමරිකානුවා මියගිහින්!

death

සුමිත් පොතුපිටිය –

කළුතර ප්‍රසිද්ධ තරු පන්තියේ සංචාරක හෝටල් කාමරයක් තුළ අද (09) ඇමරිකන් ජාතික සංචාරකයෙකු මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ ටොල්බර්ට් ගෝඩන් හන්ච් නමැති 67 හැව්රිදි පුද්ගලයකු බව පොලිසිය කීය.

හෝටල් කළමනාකාරීත්වය විසින් පොලිසිය දැනුවත් කිරීමෙන් පසු හෝටලයේ අංක 324 දරන කාමරයේ ඇදක් මත මියගොස් සිටි සිරුර හමුවූ බව පොලිසිය කීය.

කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් ද පරීක්ෂණ සිදුකරන ලදී.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කළුතර උතුර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස් ආර් ඒ ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් විවිධ පැමිණිලි අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රුවන්පුර ඉන්ද්‍රජිත් මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.

Exit mobile version