කළුතර ගම් පහක් ලොක් ඩවුන්….

කලුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස පහක් හුදකලා කර ඇති බව රජය නිවේදනය කළේය. 

නැවත දැනුම් දෙනතුරු මේ ග්‍රමසේවා කොට්ඨාස හුදකලා කරනු ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටියේය.  

අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගොරොක්ගොඩ, බේරගම, දාපිලිගොඩ, කැකුළන්දර උතුර, හා පාලින්ද නුවර ප්‍රාදේශී්‍ය ලේකම් කොට්ඨාසයේ බෙල්ලන මෙසේ හුදකලා කර තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හුදකලා ගම්මාන

Exit mobile version