කළුතර එස්.අයි. කුඩු කිලෝ 52ක් සමග කොටු

Police-Sri-Lanka

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කළුතර දකුණ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙක් ඇතුළු තිදෙනෙක් කුඩු කිලෝ 52ක් සමග අත්අඩංගුවට ගැනීමට පොලිස් මූලස්ථානයේ අපරාධ නිවාරණ කොට්ඨාසය ඊයේ (18) රාත්‍රියේ කළ මෙහෙයුමක දී සමත් වී තිබේ.

පොලිස් මූලස්ථානයේ අපරාධ හා සංවිධානාත්මක අපරාධ භාරව කටයුතු කරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට පොලිස් නිලධාරියෙක් මත්කුඩු ජාවාරමක නිරතවන බවට ලැබුණු තොරතුරක් මත සති තුනක් තිස්සේ තිස්සේ කළ රහසිතග පරීක්ෂණවලින් අනතුරුව මෙම සාර්ථක වැටලීම කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසීය.

දකුණු පළාතේ අහංගම, හික්කඩුව, බැද්දේගම ප්‍රදේශ ආශ්‍රිතව මේ මෙහෙයුම සිදු කෙරිනි..

මෙම මෙහෙයුමේ දී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 52ක් සමග සැකකරුවන් තිදෙනා ද ජාවාරම සඳහා යොදා ගත් වාහන දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබිණි.

මේ සම්බන්ධව තව දුරටත් අපරාධ නිවාරණ කොට්ඨාසය මගින් පරීක්ෂණ පවත්වන බවත්, සැක කරුවන් උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. දින 07ක කාලයක් රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම සඳහා රඳවාගෙන ඇති බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

Exit mobile version