කහඳගම ගේ හැසිරීම සැක සහිතයි… ඝාතනය ගැන නිසි පරීක්ෂණයක් දෙන්න…

සුනිල් ජයවර්ධන ඝාතනය ගැන පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය කියයි

ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන ගේ ඝාතනයට ආණ්ඩුව සම්බන්ධ දැයි සැක සහිත බැවින් මේ ගැන ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් වහාම පවත්වන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ  රජයෙන් ඉල්ලීමක් කරයි.

කොළඹ මහ නගර සභාවේ ආණ්ඩුවට සම්බන්ධ මන්ත්‍රී මහින්ද කහඳගම හා ඔහුගේ දියණිය විසින් සමාජ මාධ්‍යජාලා ඔස්සේ සිදුකර තිබෙන ප්‍රකාශ දෙස බැලීමේ දී මෙම සැකය මතුවන බවත් ඒ අනුව මෙම ඝාතනය ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා සිටීමට තම ව්‍යාපාරය තීරණය කළ බවත් ඔහු පවසයි.

සුනිල් ජයවීර සමග කටයුතු කළ වෘත්තීය සමිති, බහුජන සංවිධාන ගණනාවකට අයත් ඒවායේ ප්‍රධානීන් විසින් ඊයෙ (12) කොළඹ දී පවත්වන ලද විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් මේ බව සඳහන් කළ රංජිත් විතානගේ මේ පිළිබඳව දැනට පරීක්ෂණ සිදුවන ආකාරය සම්බන්ධව කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බව ද සඳහන් කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ හමුවේ දී වෘත්තීය සමිති නායකයින් හා බහුජන සංවිධාන ගණනාවක නායකයින් සිය අදහස් දැක්වීය. මේ අතර සභාවේ අසුන්ගෙන සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මාධ්‍යයට අදහස් දැක්වීමට උත්සාහ කරද්දී එක් සංවිධානයක නියෝජිතයෙක් ඔහුව දැඩි ලෙස විවේචනය කරමින් මෙම සාකච්ඡාවට දේශපාලකයින්ට ආරාධනා නොකළ බව කියා හඬ නැගීය.

Exit mobile version