කසල තේ සමඟ තරුණයෙක් අත්අඩංගුවට

මාතර -සම්පත්
කසළ තේ කිලෝග්‍රෑම් 5000 කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයෙකු ඇල්පිටිය, ඉදිගහවෙළ ප්‍රදේශයේදී පොලිස් විශේෂකාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාර පුද්ගයලා වසර ගණනාවක සිට තේ කර්මාන්ත ශාලාවලින් ඉවතට දමන තේ මෙලෙස අලෙවිකර ඇති බවට පොලිසිය කල විමර්ශණවලදී අනාවරණය කරගෙන තිබේ.
සැකකරු 28 වියේ පසුවන අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කුඩා ලොරි රථයකින් ජංගම ක්‍රමයට මෙම තේ අලෙවිකර ඇති අතර තොග වශයෙන්ද විකිණීමට ඔහු විසින් ලබා දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අද 29 ඔහු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version