කල් දැමූ මැතිවරණය ගැන ලබන මාසයේ මැතිවරණ කොමිසමෙන් තීරණයක්…

කල් දැමූ පළාත් පාලන මැතිවරණය සම්බන්ධව ලබන මාසයේ  20 වැනිදායින් පසුව මැතිවරණ කොමිසමට ලැබෙන බලතල මත කඩිනම් තීන්දුවක් ගන්නා බව  මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිමල් ජී. පුංචිහේවා පවසයි.  

මැතිවරණ කල් දැමීමට අමාත්‍යවරයාට ඇති බලය මැතිවරණ කොමිසමට ලබා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති බවද ඔහු කියයි.

මේ සම්බන්ධව ඊයේ පැවති රැස්වීමකට සහභාගී වෙමින් මැතිවරණ කොමසාරිස්වරයා  මෙසේ ද පැවසීය.

මැතිවරණ කොමිසම තියෙන්නේ මැතිවරණ තියන්න. ඕනෑම මැතිවරණයක් තියන්න අපට යොමුකරනවා නම් නීත්‍යානුකූලව කොමිසම ඒකට සූදානම්.


එතකොට පලාත් සභා මැතිවණය  අපි ඉදිරිපත් කරලා තියනවා පළාත් සභා මැතිවරණය ඉක්මනින් තියන්න ඕන. අපි ඒක මෙච්චර කාලයක් පරක්කු කරලා තියනවා. ඒ නිසා එම නියෝජිතයන්ට තියන අවස්ථාව නැති වෙලා තියනවා. නිලධාරී පාලනයක් හරහා යන්නෙ කියලා.

අපි තේරීම් කාරක සභාවේ දී මැතිවරණ නීති දැඩිව ඉදිරිපත් කළා මැතිවරණ කොමිසම. දැන් ඒ නිසා එකඟත්වයක් තියනවා පාර්ලිමේන්තුවෙ පරණ ක්‍රමයට හරි පොඩි නීතිමය සංශෝධනයක් කරලා මේ අවස්ථාවේ දී  පළාත් සභා මැතිවරණය තැබිය යුතුයි කියලා.

පලාත් පාලන මැතිවරණය කල් දාලා තියනවා අවුරුද්දකින්. අමාත්‍යවරයා විසින් ඒක කළේ. අපි ඒකත් ඉල්ලා තිබෙනවා අමාත්‍යාවරයාට මැතිවරණ කල් දාන්න තියන බලය මැතිවරණ කොමිසමට දෙන්න කියලා. අමාත්‍යවරයෙක් ඒක කරනකොට කොච්චර හොඳ සාධක හා හේතු මත ඒක කළත් ඒක  අනෙක් පාර්ශවයට පේන්න පුලුවන් දේශපාලන කාරණයක් විදිහට.  දේශපාලන හේතු මත කළ දෙයක් හැටියට.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලබන මාර්තුව දක්වා තමයි මැතිවරණය කල් දාලා තියෙන්නෙ. නමුත් සැප්තැම්බර් 20න් පස්සේ මැතිවරණ කොමිෂන් සභාවට බලයක් එනවා කල්දාපු මැතිවරණය ගැන ක්‍රියා කරන්න.

 

 

Exit mobile version