කලවංචිකුඩි  පොලිසියත් නිරෝධායනය  කරයි

kalawanchikudi police

සුසන්ත අමරබන්දු –

මඩකලපු දිස්ත්‍රික්කයේ කලවංචිකුඩි පොලිස් ස්ථානයේත් සේවය කරන ලද පොලිස් කොස්තාපල්වරයෙකුට ඊයේ 05 දින කොවිඩ් ආසාදිත බව තහවුරු වීම නිසා  කලවංචිකුඩි පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයේ 155 දෙනෙකු නිරෝධනයට ලක්කර තිබේ.

කලවංචිකුඩි ප්‍රදේශයේ සේවය කරන තිරුක්කෝවිල් ප්‍රදේශයේ පදිංචි පොලිස් කොස්තාපල්වරයකුට මෙසේ කොවිඩ් ආසාදනය වී ඇත.

පොලිසියේ සේවය කළ පිරිසක් නිවෙස් වලම නිරෝධනයට ලක්කර තිබෙන අතර ඉතිරි පිරිස කල්ලඩි පොලිස් නිරෝධන මධ්‍යස්ථානයේ නිරෝධනයට කටයුතු යොදා තිබේ.


කලවංචිකුඩි පොලීසියේ රාජකාරි කිරීම සඳහා අවට පොලිස් වලින් පොලිස් නිලධාරීන් යොදවා තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිරෝධනයට ලක්කර සිටින පොලිස් නිලධාරීන් අද පී.සී.ආර්. පරීක්ෂාවට යොමු කර ඇත.

 

Exit mobile version