කලකිරී රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වුණු ලන්සාට කැබිනට් ඇමතිකමක්…

රාජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස් වූ නිමල් ලංසා ඇතුළු දෙදෙනෙකුට කැබිනට් ඇමති ධුර ද ශ්‍රී ලංකා මහජන පක්ෂයෙ අසංග නවරත්න ඇතුළු තිදෙනෙකුට රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති ධුර ද ලබා දීමට සැලසුම් කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග ලංකාසරට හෙළි කරයි.

පක්ෂයේ දැඩි හිතෛෂියෙක් වූ  නිමල් ලන්සාට කැබිනට් ඇමති ධුරයක් ලබා දිය යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ විසින් අවධාරණයෙන්  යුතුව ජනාධිපතිවරයා වෙත දන්වා ඇතැය ද වාර්තා වේ.

ජාතික ආණ්ඩුව පිහිටුවීම සම්බන්ධව ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම  ඇති වූ විරෝධය හේතුවෙන් මෙම තීන්දුව ගෙන ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.


මේ අතර ආණ්ඩුව කෙරෙහි කලකීරී සිටින ආණ්ඩුවේ මහජන නියෝජිතයන් සමග සාකච්ඡා කර ඔවුන්ට ද ඉදිරියේ දී  වගකීම් පැවරීමටත් ඒ තුළින් ඔවුන්ගේ පූර්ණ  සහයෝගය ආණ්ඩුවේ ඉදිරි ගමනට ලබා ගැනීමටත්  පියවර ගෙන ඇතැයි එම ආරංචි මාර්ග හෙළි  කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ සමග ඉලක්ක ගත බැසිල් විරෝධයක් සහිතව කටයුතු කරන විමල් වීරවංශ ඇතුළු කණ්ඩායම සමග ගනුදෙනු කර ඔවුන්ව යළි  ආණ්ඩුව තුළට රැගෙන ඒම සඳහා මහින්ද රාජපක්ෂ අගමැතිවරයා සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හරහා  වෙනම වැඩපිළිවෙළක්  දියත් වී ඇතැයි ද පැවසේ.

 

Exit mobile version