කරන කරන ඇන්ටිජන් එක පොසිටිවු… දැන් රාජකාරියට උපකාර අවශ්‍යයයි… පී.එච්.අයි ලා කියති.

කීර්ති ප්‍රනාන්දු – 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කරන කරන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ පොසිටිව් වීමට පටන් ගෙන ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති එස්.ටී.යූ.ටී. කුලතිලක පවසයි.

මේ වනවිට කොවිඩ් රෝගියෙක් ආසාදිත බව තහවුරු වූ පසු අවශ්‍ය උපදෙස් දී කොවිඩ් රොගියෙක් සිටින නිවසක් බවට තහවුරු කරන දැන්වීමත් අත්සන් කර නිවෙස්වලට පිටත් කර යැවීමට සිදුවී ඇති බව ඔහු කියයි.

බරපතල රෝග ලක්ෂණ ඇති රෝගීන් සොයාගෙන ගොස් ඔවුන්ව රෝහල්ගත කිරීමට කටයුතු කිරීම සහ මළ සිරුරු පිළිස්සීමේ අධීක්ෂණ රාජකාරි කිරීම මේ වනවිට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ප්‍රමුඛම රාජකාරිය වී ඇති බව වාර්තා වේ

රෝගීන් 150කටත් වඩා වැඩි සංඛ්‍යාවක් ක්ෂේත්‍රය තුළ අධීක්ෂණය කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සිදු වී ඇතැයි උප සභාපතිවරයා මේ වනවිට ස්වකීය රාජකාරිය කරගත නොහැකි තරමේ පීඩනයක් පැවරී ඇති බැවින් උපකාරක සේවාවක අවශ්‍යතාවය ගැන ප්‍රකාශ කරයි.

Exit mobile version