නව ආණ්ඩුකාරවරු පත් කිරීම ජනාධිපති රනිල් වික්රමසිංහගේ එංගලන්ත සංචාරයෙන් පසු, ලබන සතියේ දී සැලසුම් කර ඇත.
ඒ අනුව වයඹ පළාත් ආණ්ඩුකාර අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ ඇතුළු දැනට සිටින ආණ්ඩුකාරවරු කීප දෙනෙකුටම සිය ධූරවලින් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් විසින් දැනුම් දී ඇති බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ආණ්ඩුකාරවරු පත් කිරීමේ දී ශ්රී ලංකා පොදු ජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එම තනතුරු පත් කිරීමට තිරණය කර ඇත.
ඒ අනුව වයඹ පලාතේ ආණ්ඩුකාරවයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාරත් උතුරු පළාත් මහ ලේකම් උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස ජෝන් අමරතුංගත්, දකුණු පළාත් ආණ්ඩුකාර ලෙස ආනන්ද කුලරත්නත් ඇතුළුව සෙසු පළාත් සඳහා නව අණ්ඩුකාරවරුන් පත් කරන බව වාර්තා වේ.
මේ සමගම එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්රබල ඇමතිවරු ආණ්ඩුකාර තනතුරු ඉල්ලමින් පක්ෂ නායකත්වයට දැඩි බලපෑම් එල්ලකරමින් ඇත.
මෙම බලපැම් පොදුජන පෙරමුණේ දේශපාලකයින්ගෙන් ද ඇති වී තිබෙන බව වාර්තා වේ.
ජනාධිපතිවරයා නව පත්විම් සිදුකරනු ලබන්නේ මේ දැඩි අර්බුදය අතර බව ද වාර්තා වී ඇත.