කරන්නට බැරි නම් යන්න කී සුසිල් ප්‍රේමජයන්තට රාජ්‍ය ඇමති පට්ටම අහිමි වෙයි!

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්ව විද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කොට ඇති බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංග්ස්ලි රත්නායක ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව රාජ්‍ය අමාත්‍යවරයා එම තනතුරින් ඉවත් කර ඇති බවද ඔහු ට්විටර් පනිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඔහු පසුගියදා රජය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්ද මාධ්‍ය ඉදිරියේ සිදු කළ අතර කරන්නට බැරි දේ කරන්නට ගොස් රටට මහත් ව්‍යවසනයකට පත්ව ඇති බවත් දැන් කළ යුත්තේ කරන්නට පුළුවන් කණ්ඩායමකට රට භාර දී ඉවත් වීම බව ප්‍රකාශ කළේය.


කියවන්න…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“දැන් කල් පැනලා… හරි තීන්දු ගන්න වෙන්නෙත් වෙනත් කණ්ඩායමකට…“ රාජ්‍ය ඇමති ආණ්ඩුවට යන්න කියයි!

Exit mobile version