කබ්රාල් පොල්ල තියයි

Harsha de Silva

රජයේ මුදල් පරිහරණය බදු අයකිරීම් ආදිය පිළිබඳව තීරණය කිරීමට ව්‍යවස්ථාපිතව වැඩිම බලයක් හිමි මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට අද දින පැමිණේන බවට මහ බැංකු අධිපතිවරයා ඇතුළු මුදල් මණ්ඩල සාමාජිකයන් පොරොන්දු වී තිබුණද මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු කණ්ඩායම අද එම කාරක සභාවට සහභාගී නොවීම පිළිබඳව සමගි ජනබලවේග පාරලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා දැඩි දෝෂාරෝපණයක් පාර්ලිමේනතුවේදී එල්ල කළේය.

රටේ මෙපමණ අර්බුදයක් පවතින වෙලාවට පාර්ලිමේන්තුවට අදාළ කරුණු ලබා දීම බැහැර කරන්නේ නම් පාර්ලිමේන්තුවක් මොන කෙහෙල්මලකදැයි ඔහු පුශ්න කපේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ආචාර්ය හර්ෂ ද සිල්වා
“ අද පාර්ලිමේන්තුවේදී කණගාටුදායක සිද්ධියක් ඇති වුණා. කනගාටුදායක වෙන්නේ රටේ මිනිස්සු ගැන. ස්ථාවර නියෝගවලට අනුව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව කියන්නේ පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳව විවාද කරන්න කලින් මුදල් කාරක සභාවෙන් අනුමැතිය ගන්න ඕන.අද බැංකුවල මූල්‍ය වැට් බද්ද සියයට 15 සිට 18 දක්වා වඩි කිරීමට යෝජනාවක් තිබුණා. ඒක මුදල් ාරක සභාව අනුමත කළ යුතුයි. මුදල් කාරක සභාව කියන්නේ රාජ්‍ය මූල්‍ය සහ මුදල් කළමනාකරණය පිළිඳ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාව තුළ ඉහළම තැන. රට මෙපමණ බරපතල අවස්ථාවකට යොමු වෙලා තියෙද්දී නිවාඩ් කබ්රාල් සහ මුදල් මණ්ඩලයට එම කාරක සබාවට සඳුදා කැඳවා තිබුණා. අද එන්නකියල කල් ඉල්ල ගත්තා. උදේ 10.45ට ෆැක්ස් එරක්ක එවනවා එන්න බෑ කියල.


එතකොට කවුද ලොකු? පාර්ලිමේන්තුවක් මොකටද? තැන් තැන්වල සමුළු තියල වැඩක් නෑ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්පා ර්ලිමේන්තුවේ විතරයි. ජනාධිපතිතුමාට බලයක් නෑ නීති සම්පාදනය කරන්න. බදු අඩු වැඩි කරන්න බලය තියෙන්නේ මුදල් කාරක සභාවට. අද නිවාඩ් කබ්රාල් සහ කණඩායම නොපැමිනීම පාර්ලිමේන්තුව හෑල්ලුවට ලක් කිරීමක්. මෙහෙම මොන කෙහෙල්මලටද පාර්ලිමේනතුව.

මුදල් අමැතිත් නෑ ප්‍රශ්නවලට උත්තරත් නෑ මාස තුනක් ඇවිත් නෑ. මහ බංකු අධිපතිවරයත් නෑ නොයෙකුත් කට්ටිය මේ කතා කියනවා අපට ආරංචි වෙලා කිබෙනවා රජයේ බැංකුවක් අද උදේ ඉිෆෝල්ට් කරල කියල කරුණාකරල හොයල බලන්න.“ යයි ද පැවසීය.

වීඩියෝව පහතින්

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Exit mobile version