කබ්රාල්ට අස්සවෙන්න කිව්ව කතාව බොරුවක් බව ජනපති කියයි!

මහ බැංකු අධිපති අජින් නිවාඩ් කබ්රාල්   ඉවත් කිරීමට තමන් තීරණය කළ බවට පළවන වාර්තා අසත්‍ය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  පවසයි.

ඒ අනුව අජිත් නිවාඩ් කබ්රාල්  මහ බැංකු අධිති ධූරයෙන් ඉවත් කිරීමට තමන් තීරණය කළ බවට පළවූ මාධ්‍ය වාර්තා සියල්ල අසත්‍ය බවත් ඊට කිසිඳු පදනමක් නොමැති බවද  ජනාධිපතිවරයා දන්වා සිටී.   ජනාධිපති මාධ්‍ය අංශ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළේය.

මහ බැංකු අධිපතිවරයා කෙරෙහි තමන්ගේ උපරිම විශ්වාසය පවතින බවද තමන් පවතින අර්බුදකාරී ආර්ථික තත්ත්වයේදී ඊට මුහුණ දීමට විශාල ශක්තියක් වූ බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කරන බව අදාල නිවේදනයේ සඳහන්ය.


‟ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමාජිකයින් නිලධාරීන් සමග සාකච්ඡා කළේ නැහැ. ඒත් එම අවස්ථාවට මහ බැංකු අධිපතිවරයා සහභාගීව සිටියා. එහිදී සියලුම ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ” යනුවෙන් ජනාධිපතිවරයා උපුටා දක්මින් අදාල නිවේදනයේ සඳහන් විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තමන් පුද්ගලිකවම මහ බැංකු අධිපතිවරයාට අධෛර්යමත් නොවන ලෙසට ආයාචනය කර සිටින බවත් හැකි උපරිමයේ රට සංවර්ධනය කිරීමට කැපවන ලෙසටත් ඉල්ලා සිටින  බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවද ජනාධිපති මාධ්‍ය ඒකකටය වැඩිදුරත් සඳහන් කරයි

Exit mobile version