කඳවුර තුළ දී සගයන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා සෙබලාට මරණීය දණ්ඩනය…

suicide

දිනසේන රතුගමගේ –

මන්නාරම පරප්පකණ්ඩාල් යුද හමුදා කදවුරේදී යුද හමුදා සෙබලුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කොට තවත් අයෙකුට තුවාල සිදු කිරීමේ  සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි යුද හමුදා සෙබලෙකුට මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම්.එම්.මිහායිල් විසින් ඊයේ  (6) මරණීය දණ්ඩනය නියම කළේය.

2009 ඔක්තෝබර් මස 2 දා මන්නාරම පරප්පකණ්ඩාල් යුද හමුදා කදවුරේදී මෙම වෙඩි තැබීම සිදු වූ අතර සම්බන්ධයෙන් පරීක්ෂණ  පැවැත් වූ මුරුන්කන් පොලීසිය එම යුද හමුදා කඳවුරේම සෙබලෙකු සැකපිට අත් අඩංගුවට ගෙන තිබුණි.

ඔහුගෙන් ප්‍රශ්න කොට ඔහුව මන්නාරම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔහු ඇප මත නිදහස ලබා සිටි අතර නීතිපතිවරයාගේ උපදෙස් මත එම නඩුව මන්නාරම මහාධිකරණයේදී විභාගයට ගැනීමෙන් පසුව වසර 14 කට පසුව  චූදිතයාට මරණීය දණ්ඩනය හිමි වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යුද හමුදා කදවුර තුළ ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාම නිසා කෝපයට පත් යුද හමුදා සෙබලා සිය රාජකාරී ගිණි අවියෙන් සෙසු යුද හමුදා සෙබළුන් දෙදෙනාට වෙඩි තබා ඝාතනය කළ බව පොලිස් පරීක්ෂණ  වලදී හෙළි වී තිබුණි.


Exit mobile version