ශ්‍රියානි විජේසිංහ –
කඳාන දැව තොටපුල පාරේ පිහිටි රසායනික කර්මාන්ත ශාලාවේ හටගත් ගින්න හේතුවෙන් කාන්දු වූ රසායනික ද්‍රව්‍ය ආඝ්‍රාහණය කිරීමෙන් ශ්වසන අපහසුතාවන්ට ලක් වූ පාසල් සිසුන් 89 දෙනෙකු රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බව රෝහල් අධ්යක්ෂ වෛද්‍ය ලියනගේ පතිරණ සදහන් කළේය.
ඇතුලත් කළ සිසුන්ගේ තත්තවය බරපතල නොවන බවද අවශ්‍ය ප්‍රතිකාරයන් ලබා දීම සිදුකළ බවත් මේ වන විට ඔවුන්ගේ සෞඛය තත්වය යහපත් අතට පත්වෙමින් තිබෙන බවත් අධයක්ෂවරයා පැවසුවේය.
ඇතුලත් කළ දරුවන්ගෙන් වැඩිපිරිස් බාලිකාවන් වන අතර පිරිමි දරුවන් 3ක් පමණක් මේ අතරම සිටින බවද හෙතෙම කීය. වාර්තාවන පරිදි කඳානේ කම්හල ආසන්නයේම පිහිටි ශාන්ත සෙබස්තියන් බාලිකා විද්‍යාලයේ සිසුවියන් වැඩි පිරිසක් රෝගී වී ඇත.
කෙසේ නමුත් දරුවන්ගේ තත්ත්වය සුව අතරට හැරෙමින් පවතින බැවින් අද සවස් වන විට රෝහලෙන් පිටව යෑමට හැකි වනු ඇතැයිද වෛද්‍ය පතිරණ මහතා පැවසුවේය..
ඒ ගින්න….