කන්න නැති උතුරේ මිනිස්සු බෝට්ටුවලි නැගී ඉන්දියාවට පලා යනවා… සුමන්තිරන් සර්ව පාක්ෂික සමුළුවේ දී කියයි…

දිනසේන රතුගමගේ –

කන්න බොන්න දෙයක් නොමැතිව උතුරේ පිරිස් බෝට්ටු ආධාරයෙන් උතුරෙන් පලා යන මට්ටමට බිහිසුනු ආර්ථික තත්ත්වයක් රටේ ඇති වී තිබෙන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ සුමන්තිරන් අද සර්ව පාක්ෂික සමුළුව අමතමින් හෙලි දරවු කළේය.

“තත්වය බෙහෙවින්ම බරතපතලයි… මෙහෙ කන්න දෙයක් නෑ, ජීවත් වෙන්න බෑ කියලා  ඊයේ දිනයේ දී  පමණක් බෝට්ටුවලින් 16ක් ඉන්දියාවට ගිහින්… ඔවුන් ඉන්දියාවෙ අත්අඩංගුවට පත් වෙලා.“

මේ ප්‍රශ්නයට රටක් ලෙස එකතු වී පිළිතුරු සෙවිය යුතු බව සුමන්තිරන් මන්ත්‍රීවරයා පැවසුවේය.


මේ අතර ඊයේ (22)  තමිල්නාඩු මහ ඇමති එම්.ඒ ස්ටාලින් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ  ජීවන අරගලයට මුහුණ දීමට නොහැකිව උතුරේ සිට ඉන්දියාවට පලා එන සියලුම දෙමළ සරණාගතයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකොට ඔවුන්ව ඉන්දීය අනාථ කදවුරු වලට යොමු කරණ ලෙසය.

උතුරේ සිට ධීවර බෝට්ටු වල නැගී 22 දා දවස තුළ පමණක් උතුරේ වැසියන් 23ක් ඉන්දියාවේ රාමේස්වරන් අරිච්චල් හා ධනුස්කොඩි මුහුදු වෙරළ වලින් ඉන්දියාවට ඇතුලු වී එරට සරණාගතභාවය ඉල්ලා ඇත.

මේ පිළිබදව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍යවරයාට තොරතුරු සැලවීමෙන්  පසුව ඔහු මධ්‍යම රජය සමග සාකච්ඡා කොට ඒ ආකාරයට සරණාගතභාවය ඉල්ලා පැමිණෙන පිරිසගෙන් ප්‍රශ්න කොට ඔවුන් ජාවාරම් සඳහා පැමිණෙන පිරිසක් නොවන්නේ නම් ඔවුන්ට ඉන්දියාවේ තමිල්නාඩුවේ ක්‍රියාත්මක දෙමළ සරණාගත කදවුරු වල ජීවත් වීමට අවස්ථාව සලසා දීමට පියවර ගෙන තිබේ.

මාර්තු මස 22 වෙනිදා ඒ අන්දමට ඉන්දියාවට පලාගිය පිරිසත් සමග මේ වන විට  විවිධ ක්‍රම ඔස්සේ ඉන්දියාවට 23 දෙනෙකු සංක්‍රමණය වී ඇති අතර ඔවුන්  ඉන්දියාවේ සරණාගතභාවය ඉල්ලා තිබේ.

උතුරු පළාත් අතහැර ඔවුන් ඉන්දියාවට පලා ඒමට හේතු වශයෙන් ඔවුන් ඉදිරිපත් කොට අත්තේ කෘෂිකාර්මික කටයුතු අඩාල වීම ඉන්ධන හිඟය නිසා ධීවර  වෘත්තීය කටයුතු අඩාලවීම හා ජීවන වියදම ඉහල යාම වැනි හේතූන්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දීය පොලීසිය වෙරළාරක්ෂක නිලධාරින් හා ඉන්දීය නාවික හමුදාව  බෝට්ටු මගින් ඉන්දියාවට පැමිණි පිරිස ඒ ඒ වෙරල  වලදී අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරගෙන යන අතර ඉන්දියාවේ වැලිකදු වල අතරමංව සිටි ශ්‍රී ලාංකිකයින් හය දෙනෙකුගේ දිවි ගලවා ගෙන ඔවුන්ද රැඳවුම් මධ්‍යස්ථානයක් වෙත යොමු කොට ඔහුන්ගෙන්ද ප්‍රශ්න කරගෙන යයි.

Exit mobile version