කන්දකාඩු නිරෝධායන කඳවුරේ කොවිඩ් රෝගීන්ගේ කෑම සැපයීම පසුපස අක්‍රමිකතාවක් ද?

කීර්ති ප්‍රනාන්දු – මිනුවන්ගොඩ –

කන්දකාඩු නිරෝධායන කඳවුරේ නිරෝධායනය වන පුද්ගලයන්ට තුන්වෙල ලබාදෙන ආහාරය සම්බන්ධ බරපතල ගැටලුකාරී තත්වයක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

සමූහයකට ආහාර සපයන ඕනෑම ස්ථානයක සිදුවිය හැකි අක්‍රමිකතා මෙවැනි ස්ථානය සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානයක් යොමු කරන මෙන් මෙහි නිරෝධායනය වන පිරිස් රජයෙන් ඉල්ලා සිටිති.

තමන්ට සපයන ආහාර සම්බන්ධව ඇති ගැටලුව ගැන ඡායාරූප සහිතව අදහස් දක්වන කොවිඩ් ආසාදිත පුද්ගලයන් කීප දෙනෙක් ලංකාසර අමතා කියන්නේ මෙවැනි කතාවකි.


කුරුමිණියෙක් සහිතව ලැබී තිබුණු බව කී කෑම

“ මෙතන ඉන්නෙ හිර කාරයො නෙමෙයි  මහත්තයො. අපි රෝගියො. කොවිඩ් වලින් විතරක් නෙමෙයි, අපි නිධන්ගත රෝග ගණනාවකින් පෙළෙනවා. බෙහෙත් බොනවා. ඒ ගැන කල්පනා කරලා හොද්දක් එක්ක හරි කමක් නෑ කන්න පුලුවන් විදිහට කෑම ටික තිබුණ නම් ඇති. කෑම ට කන් කෙඳිරි ගානවා නෙමෙයි… අපි මේ ඉන්නෙ මරණයත් එක්ක වග දැනෙන නිසා ජීවත් වෙන්න ශක්තියක් ඕන.“

“ගොඩාක් දවස්වලට එන කෑම කට හරියෙ තියන්න බෑ.  එක්කො බෙරි වෙලා. නැතිනම් ඇට තැම්බිලා නෑ. එළවළුවක් හරියට නෑ. නූඩ්ල්ස් දෙන දවසට මැටි තලපයක් වගේ.

පණුවන් සහිතව ලැබී තිබුණු බව කියන කෑ ම වේලක්…

දවස් කිපයකම කෑම එකේ පනුවො හිටියා. එක දවක හොදි එකේ කැරපොත්තෙක් හිටියා… කෙසෙල් ගෙඩිය දෙන්නෙ දෙකට කපලා…“

අනික් හැම පහසුකමක්ම මෙතන තියනවා. කාර්ය මණ්ඩලය හොඳට සලකනවා. වෛද්‍යවරු කාර ඒත් ඇයි මේ අය කෑම ටිකට මෙහෙම කරන්නෙ. සමහර දවස්වලට හාමතේ වෙව්ලනවා.. බේත් ටික පත්තියම් වෙන්නෙත් නෑ.

අපි හමුදාවෙ අයගෙන් ඇහුවාම අපරාධයක් ගැන ඇහුව වගේ ඒ අය සලකන්නෙ. හමුදාපති තුමා කියන දේ මේතන වෙන්නෙ නෑ කියලා සමහරවිට එතුමා දන්නෙත් නැතිව ඇති.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ රෝගීන් කියන කතාව ඡායා රූපත් සමග අප ඉදිරිපත් කරන්නේ අක්‍රමිකතාවක් සිදුවනවා නම් වගකිව යුතු අයගේ අවධානය යොමුවීම පිණිසය.

Exit mobile version